2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

බලෙන් කොළඹ ආපු ප්ලේන් එක

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 577

මීට අවුරුද්දකට දෙකකට කලින් අපේ රටේ ගුවන් සේවෙට පිටරටින් ගුවන් යානාවක් බද්දට ගත්තලු. දේශපාලන තීන්දුවක් මත ගත්ත මේ යානාව ගත්ත ගමන්ම යුරෝපයෙ රටකට ආපසු බද්ද දීලා...

බදු කාලෙ ඉවර වුණාම යානාව අපට ලැබෙන්න නියමිත වුණත් ඒකෙ තියන දෝෂ නිවැරදිකරලා හරි හැටි රෙපයාර් කරල අපේ රටට ලබාදෙන්නයි තීන්දුවෙලා තිබුණෙ. කොහොම හරි යානාවෙ බදු කාලෙ හමාර වුණාම නැවත මේ රටට ලැබුණ ප්ලේන් එක ගේන්න කලින් අපේ ඉන්ජිනේරුවරු ගිහිල්ලා යානාවෙ තත්ත්වය පරීක්ෂා කළා. එතකොට තේරුණා මේක දැන් දුවන්න බැරි ගාණට අබලන් වෙලා ඒ නිසා නැවත අලුත්වැඩියා කරල අපට දෙන්නෙ නැත්නම් යානාව භාර නොගන්න...

ඒ අනුව අපේ ඉන්ජිනේරුවරු තමන්ගෙ තීන්දුව යානාව බදුගත් යුරෝපා රටට කියල යානාව එහේ තියල නැවත මේ රටට ආවා...

ඊට පස්සෙ සිද්ධ වුණේ අමුතු වැඩක්...

අපේ ඉන්ජිනේරුවරු අබලන්කම හා ලදරන්කම නිසා ප්‍රතික්ෂේප කරනු ගුවන් යානාව බදුගත් රට විසින් බලෙන්ම කටුනායකට ගෙනල්ල නවත්තල ඒක ගෙනාපු නියමුවො ටික රහසෙම ලංකාවෙන් පලාගියා... දැන් ඒ අබලන් යානාව ගුවන් තොටුපොළේ ගාල්කරල ඔහේ තියනවා...

මේ ජරමරය පිටිපස්සෙ ප්‍රබල දේශපාලන අතක් දෙකක් තියන නිසා ටික දවසක් ගියාම ජනතාවගේ කෝටි ගණනක් බදු මුදල් වැය කර ලබාගත්ත යානාව පරණ යකඩවලට විකුණන්න පුළුවන් කියල, අපේ ඉන්ජිනේරුවරු කියනවා...