2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

කරණම නවත්තපු හැටි

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 667

පසුගිය දවසක නිල්වලා ගඟ සංවර්ධනේට ගිය ආණ්ඩුව වෙන්කරපු කෝටි ගණනක සල්ලි වැඩක් නොකර අතුරුදන් කළාය කියල ලොකු කතාවක් ගියා...

හුඟක් අය කිව්වෙ මේක හිටපු ලොකු තැනත් එයාගෙ ගෝලබාලයොත් කොටු කරන්න කරපු හෙළිදරව්වක් කියලයි.

හැබැයි සුමානයක් දෙකක් යනකොට මේ හෙළිදරව්ව පිටිපස්සෙ තිබුණු ඇත්ත කතාව එළියට ආව... ඒ කතාවෙ හැටියට මේ හෙළිදරව්ව කළේ ආණ්ඩුවෙම එක්තරා ඇමැති කෙනෙක් ගැනලු. වත්මන් රජයේ ඉහළම පට්ටමකට කෙළහලාගෙන ඉන්න ඈත පළාතකින් පත්වූ ජ්‍යෙෂ්ඨයෙක් වන මුන්නැහේ වාර ගණනාවක්ම තමන්ගෙ ආසනෙත් පරාදලු. ආවෙ මනාපෙන් කියලත් කියනව.

මුන්නැහේ තමන්ගෙ දේසපාලන අරමුණ ඉටුකරගන්න බැරි නිසා පුටු පාටියෙන් අලි පාටියට කරණමක් ගහන්න ප්ලෑන් කරලයි කියනවා... ඒත් ප්‍රසිද්ධියෙ කියන්නෙ තමන් විශ්‍රාම ගන්න ඉන්නවා කියලලු.

එහෙම කිව්වට නිර්මල හදවතක් තියන මුන්නැහේ පසුගියදාක කාටත් හොරෙන් අලි පාටියෙ ප්‍රචාරක වැඩ එහෙම කරන සමාගම් ලොක්කෙක්ගෙ බොරැල්ලෙ ගෙදරදි ආණ්ඩුවෙ සල්ලි භාර ලොක්ක හම්බුවුණාලු... හම්බුවෙලා එයාගෙ කරණම ගැන කතා කරගත්ත කියලත් කියනව. කොහොමහරි මේ හමුව ගැන පැය ගණනකින් රටේ ඉහළම මන්දිරේක ඉන්න පක්ෂ නායක තැනට දැනගන්න ලැබුණා.

ඊට දවස් දෙක තුනකට පස්සෙ මේ ඇමැති තැනට සම්බන්ධ නිල්වලා සල්ලි කතාව එළියට ඇදුණා. ඒ පාර කරණමට සැරසිලා හිටිය නිමල හදක් ඇති ලොක්කට එනපොට හොඳ නැහැ කියලා දැනිලා දැන් සද්දෙ වහලා ඉන්නවලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00