2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

කොමිස් ගෝරියක්

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 818

ගිං ග‍ඟෙනුත් නිල්වලා ග‍ඟෙනුත් ධන උල්පතක් මතුකරගන්න ට්‍රයි කරපු දකුණෙ ප්‍රබල දේශපාලන චරිත දෙකක ජාතක කතාව ටික ටික එළියට එමින් තියෙනව.

මේ කතාවට දකුණෙ ඇමැති සයිස් දේසපාලුතුමන්ල දෙන්නට අමතරව අවුරුදු අසූ ගණනක් වයස වළපයයි ගොඩපයයි උපදේශක‍ෙයකුත් ඉන්නවලු...

ඩොලර් මිලියන්වලින් පෑදෙන්න යන මේ මහා ධන උල්පතේ කතාව මුලින්ම රටට කිව්වෙ රටේ ලොකු මහත්තය. දැන් මේ ගැන රහසෙ කරපු ටෙලිෆෝන් සංවාදෙකුත් එළියට එන්නයි යන්නෙ...

මේ කතාවෙ රසවත්ම කොටස මේකයි. දකුණෙ තියෙන ප්‍රධාන ගංගා දෙකකින් මේ ධන උල්පත මතුකරගන්න ට්‍රයි කරන්නෙ දකුණෙම දේශපාලුතුමන්ල දෙන්නෙක්. ඒ වුණත් කැබිනට්ටුවෙ මේ විෂය බාර ඈත වැව් බැඳි රාජ්ජෙ ඉන්න ඇමැති සයිස් මහත්තයකුට. ඉතින් උන්නැහේට සලකන්නෙ නැතුව දකුණෙ උදවිය තනියම මීය කඩන්න යන එකට විෂය බාර ඇමැති තැන ලොකු වලියක් ඇදගෙන ඉන්න බවයි කියවෙන්නෙ.

දකුණෙ දේශපාලුතුමන්ලයි වැව් බැඳි රටේ උන්නැහෙයි නියෝජනේ කරන්නෙ පක්ෂ දෙකක්... එතැනත් පොඩි හුටපටයක් තියෙනව. කොහොමින් කොහොමහරි මේ කොමිස් ගෝරිය නිසා දකුණෙ ජනතාවට ජලය සපයන්න කරන්න යන ගිං - නිල්වලා ව්‍යාපෘතිවල කැබිනට් පත්‍රිකාව මාස ගණනක් යටකරගෙන ඉන්න බව ආරංචියි...

මෙහෙම කරං ඉන්න අයට තමන්ගෙ වටිනාකම් පරිස්සම් කරගන්න කියල රටේ ලොකු මහත්තය අවවාදෙකුත් කළා. කොහොම නමුත් අද හෙටම ගිං - නිල්වලා කොමිස් ගෝරිය නිසා ඉතාම මිහිරි කතාවක් දොට්ට පනින්න යන බවත් ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00