2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

අලි පාරෙ යන පුටුවෙ ඇමැති....!

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 512

ඌවේ පැත්තේ ලොකු ශ්‍රී ලංකා කාරයෙක්ලු. කාලයක් රටේ දෙවැනි පුටුව බලාගෙන හිටපු එයා, ශ්‍රිලනිපේ ජ්‍යෙෂ්ඨම සාමාජිකයෙක්ලු. ඉතිං මේ ශ්‍රී ලංකා එකේ කට්ටියට එයාලගේ වැඩ පෙන්නන්න ලොක්කා හැදුවලුනේ ග්‍රාමශක්ති කියලා වැඩක්. ඒ අයට ගමට වැඩක් කරන්න කියලලු ග්‍රාමශක්තිය හදල තියෙන්නේ. ඒකට හරි යන්න අලි පාටියෙනුත් හදලනේ ගම්පෙරළිය කියලා වැඩක්.

කොහොමින් කොහොම හරි අර කිව්ව ශ්‍රී ලංකා ලොක්කා පහුගිය දවස් ටිකේම ගමට අරගෙන යන්නේ ලොක්කගේ ග්‍රාමශක්තිය නෙමෙයිලු. අලියගේ ගම්පෙරළියලු. ගමේ ඉන්න ශ්‍රී ලංකාකාරයෝ ගෙනල්ලා කියනවලු ගම හදන්න අලි පාටියේ ලොක්කා සෑහෙන්න උදව් කරනවා කියලා. කොහොම වුණත් එයාලගේ ලොක්කා ගැන වචනයක් නොකියා අලිපාටියේ වැඩ උස්සන එක ගැන ලොක්කට ආරංචිවෙලාලු. ලොක්කා දෙන්නෙක් තුන්දෙනෙක්ට කියලලු තියෙන්නේ මිනිහා යන්නේ හරි අතට නෙමෙයි අලි අතට කියලා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00