2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

ආගිය අතක් නැති ලොක්කා

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 564

රටටම තෙල් සපයන සංස්ථාවේ මේ දවස්වල ලොකුම ලොක්කෙක් නෑලු. පොඩි පොඩි ලොක්කන්ට තීරණ ගන්න වෙලා තියෙන්නේ මේ උන්නැහේට කෝල් කරලා කියලයි ආරංචිය. ඇමැති තැන එක්ක දාගත්ත නොහොඳ නෝක්කාඩුවක් නිසාලු මුන්නැහේ ඒ පැත්තේ එන්නෙ නැත්තේ. කොහොම වුණත් මුන්නැහේව අයින් කරන්නත් බෑලු. අයින් වෙන්නෙත් නෑලු.

ඒකනම් කමක් නෑ කියමුකෝ මුන්නැහේගේ මේ වැඩ නිසා සංස්ථාවේ වැඩ කොට උඩ ගිහින්ලු තියෙන්නේ. ඒවා බලන්න වෙලා තියෙන්නෙත් ඇමැති තැනටමලු. ඒත් එයා නෙමෙයිලු හොයන්නෙවත්. කිරි පැණියි වගේ හිටිය මේ ලොක්කො දෙන්නට මොකද වුණේ කියලා හැමෝටම ප්‍රශ්නයක්ලු. පස්සෙලු ආරංචි වුණේ උන්නැහේ සංස්ථාව කොට උඩ යන්න වැඩක් දීලා ඒකේ ලජ්ජාවට එන්නේ නැතුව ඉන්නේ කියලා.