2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

අලුත් අය වෙනුවට වෙනත් අය

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 567

පසුගියදාක අලි පාටියෙ ලොකු මහත්තයා උඩරට පළාතෙ අලි සංවිධායකවරු ප්‍රාදේශීය නායකවරු කැඳවලා මීටිමක් තිබ්බෙ මහනුවර පැත්තෙදි.

ළඟ ළඟ පළාත් බබාලගෙ ඡන්දෙන් එන නිසා පළාතෙ අලිපාටියෙ කටයුතු පිළිවෙළක් කරලා ගැනීමේ වැදගත්කම අවධාරණය කරපු ලොකුමහත්තයා දුර්වල සංවිධායකයො ඉවත් කරන්න ඕන බව කිව්වා. උන්නැහේ එහෙම කිව්වා විතරයි... එතන හිටපු ප්‍රාදේශීය නායකයො පළාතෙ මන්ත්‍රී කෙනෙකුගෙයි සංවිධායකයෙකුගෙයි නම් කියා කියා කෑ ගසමින් එයාලා අයින් කරන්න කියලයි ඉල්ලීම් කළේ...

තමන්ගෙ පළාතට වැඩක් නොකර විරුද්ධ පක්ෂය සමඟ ඩීල් දැමීමලු එයාලට තියෙන චෝදනාව...

නුවර කිට්ටුව තියන ආසනේක අලුත් වැඩවලට නම් දැරූ මන්තිරි සයිස් මහත්තයෙකුත් දේශපාලනයෙන් පත්තියම් නොවුණු උන්නැහේ කෙනෙකුටත් මේ විදියට චෝදනා නැගුණම ඒ කතාවල් ගැන සොයා බලල තීන්දු ගන්න උඩරට කිරි මහත්තයට පාටියෙ ලොකු තැන බලය පැවරුවලු...