2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

උන්නැහේටත් අමතකයිලු

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 423

උතුරු සන්ධානෙ ලොක්කලගෙයි ලොකු ඇමැති විගීගෙයි රණ්ඩුව නැගලම යනවා.... ඒත් ඉතින් මේ වැඩේ අවුලක් නොවී බේරගන්න කපුවො කිහිප දෙනෙකුත් දැන් බැහැලා වැඩලු....

ඒ අනුව තිබෙන ප්‍රශ්න ගැන දොගොල්ල කතා කරලා බේරැමක් කරගන්න කොළඹදි සාකච්ඡාවක් සැට් කළා.

සාකච්ඡාව සැට් කරලා ඉවර වුණාම උතුරේ ලොකු ඇමැති විගී තමන්ගෙ පාටියෙ ලොකු මහත්තයට කෙලින්ම කතා කළා.... කතාකරලා පසුගිය 05දා හමුවෙමු කියල කීවම එදා උද්ඝෝෂණ දවස නිසා ඒක පස්සට දාගත්තලු.

ඔන්න ඉතින් ඊළඟට වටමේස කතාවට දිනයක් දාල ඒක පවත්වන විදිය ගැන උතුරු සන්ධානෙ ලොකු මහත්තයට කතා කරල න්‍යාය පත්තරේ හදන්න සංවිධායකයො ලෑස්ති වුණා. ඒ ගැන මේ වියපත් ජ්‍යෙෂ්ඨ නායකයගෙන් විමසීමක් කළේ ඒ අනුවයි.

ඊට පස්සෙ මේ විමසීම ගැන ටිකක් කල්පනා කරපු උතුරු සන්ධානෙ ලොකු මහත්තය සාකච්ඡාව සංවිධානෙ කරන දේශපාලන කපුවන්ට දුන්නෙ අමුතු උත්තරයක්....

සාකච්ඡාව... මොන සාකච්ඡාද? කව්ද එයත් එක්ක කතා කරනව කිව්වෙ? මම දන්නෙ නැහැ.... මම කිව්වෙ නැහැ.... මට එහෙම දෙයක් මතකත් නැහැ. උන්නැහේ කිව්වා. ඒ පාර සංවිධායකයො කලබල වෙලා ලොකු ජරමරයක් කළා. අන්තිමේදී ලෝක අමාරුවෙන් සාකච්ඡාව කරන්න පුළුවන් විදියට උන්නැහේගෙ මතකය නැවත අලුත් කරලා දුන්නලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00