2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

අවවාදයක්

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 488

නීති කේෂ්ත්‍රයේ ඉහළම තනතුරක් දරන දැන් දේශපාලනේ ඉහළ තනතුරක් හොබවන එක්තරා ලොකුම ලොකු සයිස් ඇමැති කෙනෙක් ඉන්නවා...

උන්නැහේ පසුගියදාක මේ රටේ ප්‍රසිද්ධ උසාවියකට ආවෙ තමන්ගෙ පළාත් ආණ්ඩුවෙ දේශපාලන කේස් එකක වගඋත්තරකරු හැටියටලු.

කලකට පෙර අලුත්කඩේ ඉහළම පුටුවක වාඩිවෙලා හිටපු මේ දේශපාලන ලොක්කා ඊට පහළ උසාවියක තිබුණ නඩුවට ඇවිල්ලා නඩු ශාලාවෙ ඉඳගෙන හිටියා...

ඊළඟට නඩු පටන් අරන් මෙයාලගෙ නඩුවත් ඉක්මනින්ම විභාගයට ගත්ත බවයි ආරංචි...

නඩුව විභාගෙට ගන්නකොට නම් ගම් කියැවෙන වගඋත්තරකාර කස්ටිය නැගිටලා උසාවියට ආචාර කළයුතු වුණත් මුන්නැහේ ඒක කළේ නැතිලු... එහෙම වුණේ අමතක වීමකින්ද එහෙම තැන්නම් වෙනත් හේතුවක් නිසාද කියලා කවුරැවත් දන්නෙ නැහැ.
ඒත් සම්මත සිරිත් විරිත්ත සම්ප්‍රදායන් අනුව එයා කොපමණ ජ්‍යෙෂ්ඨයෙක් වුණත් උසාවියට ගෞරව කළ යුතු හින්දා උන්නැහේලගෙ නඩුව පටන් ගන්න කළින් අධිකරණයට ගරැකරන්න ඉගෙනගන්න කියන පාඩම කියාදෙන්න එක් විනිසුරැතුමකුට සිද්ධ වුණ බව ආරංචියි.

ඒ අවවාදෙන් පසුව පාඩමක් ඉගෙනගත්ත හිටපු නීතිලොක්කා ඊළඟට නැගීහිටලා උසාවියට ගෞරව කරමින් ක්‍රියාකළ බව කියැවෙනවා.