2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

දියවන්නාව වැටලිල්ල

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 565

ඒකාබද්දෙ උද්ඝෝෂණේ ගැන කතා කරන්න හිටපු ලොකු තැනගෙ නායකත්වයෙන් රහස් කතාවක් තිබුණ. ඒකාබද්දෙ ලොකු පුටුවල වාඩිවෙලා ඉන්න අය තමයි මේකට සහභාගි වුණේ.

මේ හමුවෙදි උද්ඝෝෂණය දා කළයුතු විශේෂ ඉසව් ගැන කතා කළා... කතා පෙළපාළි විශේෂාංග කවි, ගී, සින්දු, විරිදු, නැටුම් යාග-තොවිල් පවිල් වගේ දේවලුත් උද්ඝෝෂණයේ පළමු රාත්‍රියෙ කරන්න තීන්දු වුණා. දකුණෙන් දහඅට පාලිය... කළුතරින් අංගම් පොර, මයියංගනෙන් කිරිකොරහ වගේ නැටුම් නටෝන බවත් සමහරැ කීවා. ඒ කතාබහ අස්සෙ එකපාරටම දකුණෙන් ආපු ඒකාබද්දෙ ලොක්කෙක් යෝජනා කළා අපි දියවන්නාව වටලමු කියලා... උන්නැහේගෙ ඒ යෝජනාව දේශපාලනෙන් තෙම්පරාදු වෙච්ච හිටපු ලොකු තැනට ඇල්ලුවෙ නැහැ... ඒක ඕන නැති වැඩක්^ හිටපු ලොකු තැන කිව්වා. ඒත් දකුණෙ ලොක්කට දියවන්නාව වටලවන්න ඕනකම තිබුණාලු.

කොහොම හරි අන්තිමේදී හිටපු ලොකු තැන ඒ ගැන යෝජනා කරපු අයට මෙහෙම උත්තර දුන්නා.

මොකටද අපි දියවන්නාව වටලන්නෙ... ඕන නම් අපට දියවන්නා ඔය ඉවුරට යන්න පුළුවන් වේවි... ඊළඟට ඉවුරෙ වාඩිවෙලා දියවන්නාව දිහා විරිත්තගෙන බලන් ඉන්නවා හැර වෙන කරන්න දෙයක් තියෙනවද.... ඒ නිසා ඔය නිෂ්ඵල වැඩ ඕන නැහැ. අපි කොළඹ විරෝධතාව දක්වමු...

ඒ තීන්දුවත් එක්ක කතාව හමාර වුණා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00