2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

ඉදිරිපෙළ ආසනයක් ඕනැලු...

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 439

ඕන නැති තැනක කොටින්ට ආවඩන්න ගිහිල්ලා දැන් උණුවතුරට වැටිල පට්ටමුත් ගැලවිලා ඉන්න උතුරෙ කලා නෝනට ඊයෙ පෙරෙදා තවත් අකරතැබ්බයක් සිද්ධ වුණාලු....

ඒක වුණේ කිලිනොච්චි පැත්තෙ අලුත් නීති ආයතනයක් විවෘත කරන උත්සවේකදි... ආණ්ඩුවෙ නීති ඇමැති නෝනා වගේම රටේ ඉහළම නඩුකාර උන්නාන්සෙලත් ඒකට සහභාගි වුණා... මේකට පැමිණි කලා නෝන ඒකෙ සංවිධායක නීති විශාරදයන්ට කතා කරල මේ රැස්වීම තියන සභාවෙ මහ නඩුකාර උන්නාන්සෙලටත් නීති ඇමැති නෝනටත් අසුන් පනවපු ඉදිරි පෙළේ හොඳ අසුනක් තමන්ට ඕන බවත් එසේම විශේෂ දේශනයකට අවස්ථාවක් ඕන බවටත් දැඩි ඉල්ලීමක් කළාලු....

ඉතින් මේ දවස්වල නීති ප්‍රශ්න මධ්‍යයේ ඉන්න එයාට දෙන්න එතැන අසුනක් නොතිබුණේ ඒ අසුන් රුස්වීමේ හිටපු ප්‍රධාන චරිතවලට පමණක් වෙන්කර තිබූ නිසායි.

ඒ පාර ඒකට කේන්ති ගත්ත කලා නෝනා ආණ්ඩුවෙ නීති ඇමැති නෝනට මේ ගැන දුක කිව්වලු. ඒ පාර එයාගෙ පැත්තෙනුත් සංවිධායකයන්ට මේ ඉල්ලීම ඉදිරිපත් වුණ බව කියැවෙනවා. කොහොම හරි මේක සංවිධානය කරපු නීති විශාරදයො ඒකටත් බෑම කීවලු.... කලා නෝන අප්සෙට් එකේ පස්සට ගියාලු....