2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

හෙළිදරව් වූ රහස

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 757

ළඟදි දවසක ආණ්ඩුවෙ ලොක්කෙක් ඒකාබද්දෙ ලොක්කෙකුට රහසක් හෙළිකළා... ඒ පසුගියදාක රටේ දෙවැනි මහත්තයට විරුද්ධව ගෙනාපු විශ්වාස භංගය ගැනයි.

රටේ ලොකු මහත්තයගෙ පැත්තෙන් මුලදි මේකට සපෝට් එක තිබිල අන්තිම මොහොතෙ හිටිගමන් ඒ සපෝට් එක දියාරු වුණේ මොකද කියන එකයි මේ සාකච්ඡාවෙදි කතා වුණේ... එයා කිව්ව විදියට... අන්තිම මොහොතක දක්වා අගමැති සටනෙ හිටපු ජ්‍යෙෂ්ඨය හේතු රහිතව සටනින් ඉවත් වෙන්න ඕන කියලා එකපාරටම කිව්ව නිසාලු අත පාටියෙ ඉහළ කස්ටිය සටන අතහරින්න තීරණය කළේ...

හුඟක් බලාපොරොත්තු ඇතිව හිටපු ලොකු තැන ගෙනුත් සටන දිනන්න සහාය ඉල්ලපු අත පාටියෙ ජ්‍යෙෂ්ඨය එක පාරටම සටනින් ඉවත්වෙන බව තමන්ගෙ පක්ෂයෙ ලොක්කන්ට දැන්නුවෙ කවුරැත් නොදන්න අද්භූත හේතුවක් නිසා කියලයි තතු දත් අය කියන්නෙ...

ඒ අද්භූත හේතුව ලොකු වටිනාකමක් තියන හේතුවක් බවත් මේ රහස හෙළිදරව් කළ ආණ්ඩුවෙ ලොක්ක ඒකාබද්දෙ යාළුවට කියල... කොහොමින් කොහොම හරි මේ කතාබහ තැන් තැන්වල හෙමින් හෙමින් පත්තුවෙන්න ගත්තම... අගමැති සටනෙ හිටපු උන්නැහේ තමන් ඊළඟ ඡන්දෙට නොඑන බවත් දේශපාලනේට ආයිබෝවන් කියන බවත් ප්‍රකාශ කරමින් යනවලු...