2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ටෙන්ඩර් පිනක් පලදීලා

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 464

මේක සන්තෝසම් කතාවක් හැබැයි ලැබිලා තියන සන්තෝසම පොඩි ගණනක් නොවෙයි. කෝටි ප්‍රකෝටි ගණනක් බවයි තතුදත් අය කියන්නෙ...

මේ කොමිසම ලැබිලා තියෙන්නෙ ආණ්ඩුවෙ ඉහළම අමාත්‍යංශයක ඉන්න ජ්‍යෙෂ්ඨ වගේම වියපත් මහා උපදේශකයකුට බවයි මේ රහස දන්න උදවිය හෙළිදරව් කළේ... මහා උපදේශකතුමාට මේ හම්බවුණයි කියන යැංකි රටේ සල්ලි මිලියන ගණනකින් තුන්හතර දෙනෙකුට කෑලි කෑලි ලැබෙන බවයි ආරංචි... මේ මහ කොමිස් ලැබුණෙ මහ පාරකට අදාළ ටෙන්ඩරයකටලු...

ලංකාවට ලෝස් නැතුව උදව් කරන රටක සමාගමකින් බඩු හම්බවුණ බව මේ කතාව ගැන තොරතුරු රැස්කරන අය දන්නවා...

අදාළ සමාගම පාරෙ වැඩේට දාපු ටෙන්ඩර් ගාණ වැඩියි කියල හතර අතින් කචල් පිට කචල් ඇදෙනකොට සමාගමේ ජාම බේරන්න මැදිහත් වීමේ පින්කම නිසා උන්නැහේට මේ ආත්මේදිම පින පලදීල බව තතුදත් ආරංචි මාර්ග වැඩිදුරටත් කියනවා... දැන් මේ කතාව ඒකාබද්දෙ ගෝලයොත් දැනගෙන එයාල මේක දෙවැනි බැඳුම්කරේ හැටියට කරළියට ගේන්නලු යන්නෙ...