2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

බැරිනම් යන්න....

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 527

සන්ධානයේ ඉන්න පක්ෂ ඈයෝ පහුගිය කාලෙම එක එක යෝජනා දුන්නලු ඒකේ අමරණීය ලොකු තැනට. ඒ දීලා කිව්වලු අපි මේක, ලොකු කරලා කට්ටිය එකතු කරගමු කියලා. අමරණිය ලොකු තැනත් ඉතින් ලොකු ලොකු කතා කියලා ඒ යෝජනා ෆයිල් පිටින් බාරගත්තලු. ඉතින් ඒ පක්ෂවල උදවිය ඉන්නවලු පක්ෂයෙ මහතැන වෙච්ච රටේ ලොකු තැන දැන් දැන් කතා කරයි කියලා බලාගෙන.

කොහොම වුණත් වැඩේ නොකෙරෙන තැනට යන බව තේරුණාම මේ කට්ටිය අමරණීය ලොක්කට හොරෙන් ගියාලු රටේ ලොකු තැන හම්බවෙන්න. එහෙම ගිහින් සන්ධානෙ ගොඩදාගන්න හැටි ගැන ලොකු ලොකු කතා කිව්වලු. ඒ අව්අස්සෙ ඒ කට්ටිය හෙමිං සීරුවේ ලොකු තැනගෙන් ඇහැව්වලු අපි දුන්නු ලිපි එහෙම හම්බවුණාද කියලා... එතකොට තමයි දැනගත්තෙ තමුන් දීපු ලියුම් ලොක්ක ළඟට ගිහින් නැති බව. මට හම්බවෙච්ච ලියුමක් නෑ කියලා ලොකුතැන දීපු උත්තරෙන් පස්සේ හොයලා බලනකොට බඩු ටික තාමත් අමරණීය ලොක්කාගෙ ඔෆීසියෙලු. මේකට යකා නැග්ග පක්ෂවල කට්ටිය මූණටම එයාට කිව්වලු බැරිනම් යන්න කියලා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00