2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

අතුරුදන්වූ ප්‍රතිමාව

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 459

කොළඹ නගරෙ පාලනය කරන කන්තෝරුවෙ ලොකු නෝනගෙ කාමරෙ තිබුණය කියන බුද්ධ ප්‍රතිමාව හිටපු ගමන් රහත් වීම ගැන නගර පාලන කත්තෝරැවෙම කස්ටියක් රජයේ ඉහළ තැන්වලට ගතු කියල තිබුණා...

සුගතදාස නගරාධිපති තැනගෙ කාලෙ ඉඳල වසර 50ක් විතර නොයෙක් ආගම්වල නගරාධිපතිවරු ඒ කන්තෝරුවෙ සේවය කළත් මේ ලෝකඩ බුද්ධ ප්‍රතිමාව අතුරු ආන්තරාවකින් තොරව වැඩ හිටියා.

ඒත් මේ ළඟදි අලුත් නෝනා ආවට පස්සෙ ඒක අතුරුදන් වුණාය කියන කතාවට තටු ලැබිලා රටේ ඉහළම මන්දිරේ ඉන්න රට කරවන ලොකු මහත්තයටත් තොරතුරු වාර්තා වුණා.

ඊට පස්සෙ උන්නැහේ වැඩි කතාබහකින් තොරව මේ ගැන නොකියා තමන්ගෙ නිලධාරි කස්ටියක් කොළඹ පුරසබේ හොර රහසේම පිටත් කළේ කාරණාව ඇත්තද බලල තොරතුරු රපෝර්තු කරන්න කියන උපදෙසත් දීලයි.

ඔන්න ඉතින් මේ රජගෙදර කස්ටිය වැඩිසද්ද බද්දයකින් තොරව මේක බලන්න යනකොට පුරසබේ කස්ටියට ආරංචිය ලැබිලා...

ඒ දැනගත්වහාම මෙච්චර කල් බුදුපිළිමය තිබුණ තැනට බුද්ධ ප්‍රතිමාවක් වඩම්මලා තිබුණලු... ඒක මේ කතාව බලන්න ගිය උදවිය දැකලා... හැබැයි ඒ තිබුණේ මුලින් තිබුණ ඉතා වටිනා ලෝකඩ ප්‍රතිමාව නොවේ... නගර සභාවෙ වෙනත් කාමරේක තිබුණ ප්ලාස්ටික් ප්‍රතිමාවක් බවටත් ලැබුණ තොරතුරු මේ නිලධාරි ඉහළම මන්දිරේට වහාම වාර්තා කළාලු. ඒත් පුරසබේ ලොක්කා ඒ කතාව පිළිගත්තෙ නැතිලු.