2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

කටඋත්තර නැතිලු

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 509

ලෝකෙ ලොකුම රටක තානාපති සයිස් මහත්තයෙක් පසුගියදාක තමන්ගෙ නිල කාලෙ ඉවර කරලා යන්න සූදානම් වෙලා විපස්සෙ ලොකු මහත්තයට ආයිබොවන් කියන්න උන්නැහේගෙ ගෙදරට ගියා....

එහෙම ගිහිල්ල මේ වියපත් විපස්ස ලොකු මහත්තය එක්ක ලොකු කතාවක් දැම්මා.... එහෙම කතාකරන ගමන් මේ ගෙදර යන්න හදන තානපති තැන විපස්ස ලොක්කගෙන් වක්‍රව ඉල්ලීමක් කළාලු. ඒකෙන් කියැවුණේ බැරිවෙලාවත් රටේ හිටපු ලොකුතැනගෙ පැත්තට කොඩිය දාන්න නම් හිතන්නවත් එපා කියලයි....

එතකොට කෙළින් උත්තරයක් නොදී ටිකක් කල්පනා කරපු විපස්ස ලොකුතැන මෙහෙම ඇහුවලු....

අපි මොනව කරන්නද තානාපතිතුමා... දකුණෙ මිනිස්සු වැඩිපුර ඉන්නෙ එයාලා එක්කනේ... ඉතින් උතුරෙ ප්‍රශ්නෙ විසඳගන්න නම් දකුණ තරහ කරගෙන බැහැනේ... ඒකයි ප්‍රශ්නය...? විපස්ස ලොක්ක එහෙම කිව්වට තානාපති තැන ඊළඟට තමන්ගෙ කතාව සනාථ කරන්න නොයෙක් දේ කියන්න පටන් ගත්තා... ඒ සියල්ලට සවන්දීපු විපස්ස ලොකුතැන අන්තිමේදී මෙහෙම කීවලු....

උතුරේ මිනිස්සු අපෙන් අලුත් ව්‍යවස්ථාව ගැන අහනව... අපි උත්තර දීගන්න බැරුව කසාය බීපු ගොලුවො වගේ ඉන්නවා... ඒ නිසා තවදුරටත් තරහ කරගෙන මේ වැඩේ කරගන්න බැහැ... අපි එන විදියට බලල වැඩකරන්නයි යන්නෙ.
විපස්ස ලොකු තැනගෙ ඒ කතාවට තානාපති ගැන සතුටු වුණේ නැහැ වගෙයි පෙනුණෙ... කොහොම හරි ඊට පස්සෙ එයා තමන්ගෙ යෝජනාව ගැන කතා කළේ නම් නැතිලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00