2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ප්ලේන් එකේදි සූර්වෙලා

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 593

දකුණු ඉන්දියාවම කම්පාවට පත්කරපු කරුණානිධිගෙ මළගෙදරට, ලංකාවෙ උන්නැහේට හිතවත්ව හිටපු මැති ඇමැති කස්ටියක්ම සහභාගි වුණා...

මේ අය අතරෙ වතුකරේට අධිපති පවුලෙ මෑන් වගේම කොළඹ මනෝ, ඌවෙ සුරේෂ් උතුරෙ සෙල්වම් වගේ ලොකු චරිත ගණනාවක්ම හිටියා.

ඉතින් බොහෝම කනගාටුවෙන් තමන්ට හැමදාම උදව් කළ කරුණානිධි තුමාට ගෞරව දක්වපු මුන්නැහේල කස්ටිය මළගෙදර ඉඳල කොළඹ එන්න ගුවන් තොටුපොළට ගියා... එතෙන්දි මෙයාලගෙන් දෙන්නෙක් ඇති පදමට සූර් වුණාලු...

ඊළඟට ප්ලේන් එකට ගොඩවුණේ කොළඹට එන්නයි... ප්ලේන් එකට නැගපු ගමන් සූර් වෙලා හිටපු දෙන්න තවත් ඇඟ රත්කරගන්න හිතාගෙන අරව ඉල්ල ඉල්ල පානය කළාලු....

ඊළඟට ලංකාවට එන ප්ලේන් එකේ උන්නැහේලට ඡන්දෙ දුන්න ජනතාවත් බලා ඉඳෙද්දි හොඳ පදමට වැදිල හිටපු මේ දෙන්න සීට් එකෙන් නැගිටල කරට අතදාගෙන අජරාමර රඟපෑමක යෙදුණෙ කෑගහමින් ගීගයමින් ලොකු ඝෝෂාවක් කරමින්ලු...

ඒ වෙලාවෙ උන්නැහේලගෙ කටින් කියැවුණේ මොනවද කියලවත් එයාල දන්නෙ නැති බවයි බලන් හිටපු අය කිව්වෙ...

කොහොම හරි කොළඹට එන්න වැඩිවෙලා ගත නොවන නිසා ප්ලේන් එකේ මගීන්ට මේ හිරිකිත රඟපෑම දිගටම බලන්න වුණේ නැහැ....

කටුනායක ප්ලේන් එක නැවැත්තුවම ඒකෙන් බැහැගන්න බැරිතරමට සූර්වෙලා හිටපු මෙයින් එක්කෙනෙක් වතුකරේ.... අනෙක කොළඹ ඉන්න ලොකු පාලකයෙක්...