2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ආයෙමත් ක්‍රිකට්වලට කූල්

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 482

ක්‍රිකට් ක්‍රීඩාව ආම්බාන් කරන ආයතනෙ මහපුටුවට කැප්ටන් කූල් ඇමැති තැන පත් කරන්න කියලා අලිපාටියෙ පසුපෙළ අලුත් යෝජනාවක් ගේන්න යනවලු.

පසුගිය කාලෙ ඔය පුටුව දරපු අය අත පාටියෙ උදවිය නිසා මේ පාර අලි පාටියෙන් ආපු කැප්ටන් කූල්ට භාරදීමයි යුතුකම කියල එයාල රටේ දෙවැනි මහත්තයද වන පාටියෙ ලොක්කට කියන්නලු යන්නෙ.... ඒ ගැන දෙවැනි මහත්තයටත් ඉවදැනිල තියෙද්දි පසුගිය දාක කැප්ටන් කූල් එයා හම්බුවෙන්නත් ගිහිල්ල සුහද අල්ලාප සල්ලාපයක යෙදුණු බව කියනවා....

හිටපු ක්‍රිකට් ලොක්කො දැන් අලුත් විෂය භාර ඇමැති තැන එක්කත් කොක්කක් දාගෙන ඉන්න හින්ද එයා දිගටම පැත්තට කරල තැබීම ක්‍රිකට්වලට විශාල සේවයක් කියලලු එ.ජා.පෙ. පසුපෙළ ලොක්කට කියන්න යන්නෙ.

ඊට කලින් රටේ ලොක්කත් නමුත් විෂය භාර රටේ ලොකු මහත්තයත් මේ ගැන දරන අදහස ලබාගන්න ඕන කියල අලි පාටියෙ ලොකු මහත්තයා කියලා ඒ අනුව ළඟදීම එ.ජා.ප. පසුපෙළ රටේ ලොකු මහත්තයගෙන් ඒ ගැන අහන්නලු යන්නෙ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00