2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

අස්සන ගහන්න බැරිලු

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 609

ආණ්ඩුවෙ ලොකුම සංවර්ධන පෙරළිය දියත් කරන්න ඉහළ තැන්වලින්ම අණ ලැබිල... මේ වැඩේ රට පුරාම දියත් කරල පසුගිය අවුරුදු තුන හමාරෙම ජනතාවට කරන්න බැරිවුණ උදව් පදව් කරන්නයි ලෑස්තිය... ඔපරේෂන් එක දෙන්නෙ සල්ලි බාර අමාත්‍යංශය විසින්...

ඉතින් වැඩේ පටන් ගන්න ඒ ඒ දිසා බාර දිසාපති මට්ටමේ උදවියට... තව දෙපාර්තමේන්තු ලොක්කන්ට අණදෙන, බලය පවරන විශේෂ ලිපියක් මුලින්ම ඇරියට පස්සෙයි එයාල සල්ලි කාරිය ලබාදීල ගම්පෙරළියට බහින්න යන්නෙ...

ඔන්න ඉතින් මේ විදියට සකස් කරපු බලය පැවරීමේ ලිපිය හරිගස්සල ඒක අත්සන් කරන්න නියමිත සල්ලි බාර කන්තෝරුවෙ ඉහළම බලධාරියට දුන්න... ලියුම අස්සන් කරල ඇරපු සැණින් වැඩේ පටන් ගන්නයි විෂය බාර ඇමැති තැනත් ලෑස්ති පිට හිටියෙ...

ඒත් අනේ පුදුමෙ කියන්නෙ මේ ලියුම අස්සන් කරන්න නියමිත උන්නැහේ ඒකට අස්සන් කළේ නැතිලු... රටේ දේශපාලන කුණාටු ගැන ඉව අල්ලමින් ඇල්වතුරත් නිවාගෙන බොන කෙනෙක් හැටියට ප්‍රසිද්ධ මේ බලධාරිය මේ ලියුමට අත්සන නොගහ තමන්ට සුපුරුදු ආඳා න්‍යායෙන් ලිස්සල ගිය බවයි ආරංචි...

අන්තිමේ බැරිම තැන සල්ලි බාර කන්තෝරැවෙ ඉන්න පොඩි මහත්තයෙක් යන්තම් ඒකට අස්සන් කරල යැව්ව බවයි අපට ආරංචි.

තමන්ට වගකීම් පැවරෙන ලියුමක් දැක්කම බයේ වෙව්ලන උන්නැහේලත් එක්ක ආණ්ඩුවෙ තමන්ගෙ මහා සංවර්ධන වැඩපිළිවෙළ වන ගම්පෙරළිය කරන්නෙ කොහොමද කියල මේ ගැන කාරණා කාරණා දන්න උදවිය දැන් අහන්න පටන් අරන්ලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00