2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

කොළඹට පනින්න යන ලොක්කා!

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 567

අලි පාටියේ දුර පළාතක ඉන්න අනාගත නායකයෙක් ඊළඟ ඡන්දෙට කොළඹට පනින්නලු හදන්නේ. ඒ එයාගේ පරම්පරාගත මුල් තියෙන්නේ කොළඹ නිසා. හැබැයි නිකන් නෙමෙයිලු මේ ගමන එන්නේ. ඒ එන්නේ රටේ මහ පුටුවකට පැනගන්න කුරුමානම් අල්ලන්නලු. ඉස්සරහදි මහ පුටුවෙ වාඩිවෙන්න බලන් හිටියත් එක එක සාත්තරකාරයෝ නොයෙක් අනාවැකි කියලා පොර තවමත් අවුලකලු ඉන්නෙ...

කොහොම වුණත් මහ පුටුව අල්ලගන්න නම් කුරහන් කකා ඈත පළාතක ඉඳලා බැරි නිසා කොළඹට එන්නලු හදන්නේ. මොකද කොළඹ තමයිලු වාසනාවන්තම තැන. මේ ගමනට තානාපතිත් අංසෙකිනුත් උපදෙස් උදව් ලැබෙන බව ආරංචියි.

දැන් මේ වැඩේ ටිකක් නැගලම යන නිසා පාටියෙ පසුපෙළ හාදයෝ ටිකක් අද හෙටම හොරෙන් මේ නායකයව හම්බවෙන්නලු ඉන්නේ. ඒ ඉස්සරහදි වැඩේ කරන්නේ කොහොමද කතා කරගන්නලු. හැබැයි මේ හැමෝම හොරෙන් තමයිලු මහ පුටුවට යන ගමන ප්ලෑන් කරන්නේ. නිකන් හරි කතාව එළියට ගියොත් ගොඩක් දෙනෙක්ට ගෙදර යන්න වෙයි කියලා මාර බයකින්ලු ගේම ගහන්නේ.