2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

අනාගත නායකයගෙ සද්දෙ

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1299

දියවන්නා කවුන්සිලේ ඉන්න උදවියට මසාජ් පාරක් එහෙම දාගන්න ඕනෑ නම් එතන ස්පා එකක් තියෙනව... කවුන්සිල් කස්ටිය සෑහෙන ගණනක් මෙතැනින් ස්පා සේවාව ලබාගන්න බවත් ප්‍රසිද්ධ කාරණයක්....

පසුගියදා ඒකාබද්දෙ ඉන්න බන්ධුල ගුරුතුමයි, අනාගත නායකයෙක් යැයි කියන වෙල්ගම උන්නැහෙයි මෙතැනින් සේවාව ලබාගන්න ගියේ එකම වෙලාවෙ.... දෙන්න ඇඳන් දෙකක සතපවල මසාජ් එක දෙනකොට ගුරුතුමා අනාගත නායකතුමාගෙන් ඇහුව මොකද යාළුව මේ දවස්වල නායකකම් ඉල්ලල සද්ද බද්ද දාන්නෙ කියලා....

ඔන්න ඒ පාර අනාගත නායක තැන දුන්නෙ මෙහෙම උත්තරයක්.

සහෝ.... ඔයා දන්නවද අතපාටියෙ ඉන්න ඔය ලොකු ලොක්කන්ට පස්සෙ ඉන්න පරණම මිනිහ මමයි. මගේ පරණකම හුඟ දෙනෙකුට දැන් අමතකයි... ඒ හින්දා මම ඔය වේදිකා ගාණෙ ගිහිල්ල දොඩෝනව එහෙම කියල හිතන්න එපා. මම මේකෙ ඉන්න පරණම කකුලක් කියල මතක් කරල දෙනව විතරයි... හරිද දන්නවද සහෝ.... මැතිනි මාව සංවිධායක කළේ 1982 සහෝ.... අනාගත නායකතුමා තමන්ගෙ ගෝරනාඩුවට හේතු පැහැදිලි කළේ එහෙමයි....