2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

කොක්කට මුල!

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 545

ලොකු ලොක්කන්ගෙන් තනතුරු ඉල්ලන එක බලාගෙන කරන්න ඕන වැඩක්. එහෙම ඉල්ලල තනතුරු නොලැබුණොත් ඇයි හොඳයිකමත් නැතිවෙනවා.... පසුගිය කාලෙ යහපාලනේ ගේන්න අතපොත් තියාපු පැවිදි කෙනෙක් ගැනයි මේ කතාව...
ඒ ඇත්ත රටේ ලොකු තැන මුණගැහිලා තමන්ට ආණ්ඩුවෙ පට්ටමක් දෙන්න කියල ඉල්ලුවලු.... ඒක කෘෂිකර්මෙට සම්බන්ධ ඉහළම රස්සාවලු... කැබිනට් සයිස් ජොබ් එකක්... ඒත් ඉතින් ඉල්ලන ඉල්ලන පාරට හැමෝටම ඔටුනු පළන්දන්න බැරි නිසා ලොකු මහත්තයා ඒක ගණන් ගත්තෙ නැතිලු
...

ඊට පස්සෙ එතුමාට කේන්ති ගිහිල්ල තමන් මෙහෙන් දරාපු පට්ටමටත් පයින් ගහල කොක්කක් දාගෙන ආණ්ඩුවට හතර අතේ නෙලන්න පටන් අරන් ඉස්සරහ මහ පුටු තරගෙට මේ අයගෙනුත් අපේක්ෂකයෙක් දාන තරමට වැඩේ පත්තු කරලලු.