2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

රස්සා වැඩේට කොක්කක්

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 496

ආණ්ඩුවෙ වැඩට වගේම සද්ද කරන්නත් දක්ෂ ඇමැති සයිස් මහත්තයෙක් තමන්ගෙ අමාත්‍යංශෙ යටතෙ තියෙන අධිකාරියක පුහුණුවට කියලා සෑහෙන තරුණ පිරිසක් රස්සාවලට දැම්මා....

හැබැයි ඒ දැම්මෙ තාවකාලික පදනමින්ලු... එයාලා වැඩට අරන් අවුරුද්දක් දෙකක් ගියාම ඒ පිරිස තමන්ගෙ සේවය ස්ථීර කරන්න කියලා පොඩි බරබරයක් දාන්න ගත්ත. ඉතින් ඒ පාර මේ ඇමැති තැන ඔය සේවකයොන්ට ස්ථීර පත්වීම් දෙන්න මංගලතුමාගෙන් අවසර පැතුවලු.... ඒත් මුදල් අංසෙන් ඒකට අවසර දුන්නෙ නැහැ කියලයි ආරංචි.

ඒ වුණාට ඇමැති තැනත් වැඩේ අතෑරියෙ නැහැ. එයා මේ ප්‍රශ්නය තමන්ට හිතවත් රටේ ලොකු මහත්තයට ඉදිරිපත් කළේ උන්නැහේගෙ ග්‍රාම ශක්තියට මේ තරුණ පිරිසක් සැට් කරල දෙන්න යෝජනා කරමින්ලු.... ඒත් අනේ උන්නැහෙත් වැඩේට බැහැ කියල... ඒක හේතුව මේ අලි පාටියෙ සෙනඟ ග්‍රාම ශක්ති වැඩේට ගත්තොත් අත පාටියෙ තමන්ගෙ හිතවතුන් නොරොක්වේය කියන කාරණාවලු....

ඉතින් මේ කඹ ඇදිල්ල නිසා කංකරු, සිකුරිටි රස්සා දෙන්න ප්‍රසිද්ධ ඇමැති තැන ඉන්නෙ මාර ප්‍රශ්නෙකලු....

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00