2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

කොළඹ මණ්ඩලේ කචල්

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 509

අලිපාටියෙ කොළඹ මණ්ඩලේ කචල් එකක් පටන් අරන්... මේකට සම්බන්ධ කොළඹ ටවුමට අධිපති නෝනයි... කෝට්ටේ හිරුයි.... මෙයාලගෙ වලිය දැන් සැරටම යනව... ඒකට හේතුව නගර සීමාවෙ තියෙන ආසන පහට මුදල් වෙන්කිරීමේ අවුලක්ලු....

දිසාවෙ නායක වෙන හිරුත් නොදැන ඒ ඒ ආසනවල දියවන්නා මන්තිරිලත් නොදැන රෝස නෝන නගරෙ සංවර්ධනේට තමන්ගෙ හිත මිත්තර නාගරික මන්තිරි කස්ටියට මුදල් දීමෙන් මැතිසබා කස්ටිය දූවිලි ගාණට වැටෙනවා කියලා හිරු කියනවා..... ඒ වුණාට ටවුමෙ අධිපතිනිය ඒක පිළිගන්නෙ නැතිලු.

මේ ගැන කතා කරන්න රැස්වීමක් දාමු කිව්වම රුස්වීමක් දාන්නෙත් නැතිලු. ඔන්න ඒ හින්දා දැන් සැර ගෝරියක් පටන් අරන් පට්ටමට තට්ටු වෙලා නිර්බලව හිටියත් හිරුත් වැඩේ අතාරින්නෙ නැතිලු... කොහොම හරි මේ රණ්ඩුව ළඟදිම ගිනිවලියක් වෙන්න යනවය කියලා අපට ආරංචියි.... ප්‍රශ්නෙ තියෙන්නෙ පක්ෂයේ ඉහළිනුත් මේ ගින්න නිවන්න ලෑස්ති නැතිකමය කියල සමහරු කියනව.