2018 ජුලි 21 වන සෙනසුරාදා

රහස හෙළිකළ ලොක්කා

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 683

ආණ්ඩුව ගැන නිතරම අර්බුදකාරී කතා කියන මහ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා... උන්නැහේ ඊළඟ පාර තමන් ඉන්න පක්ෂය වෙනුවට වෙනත් පක්ෂයකින් ඇවිල්ල ඡන්දෙ කරන්නයි අපේක්ෂාව. ඒකට සපෝට් එකට තමන් නියෝජනේ කරන පළාතෙ තවත් දේශපාලන නෝනල මහත්තුරුත් ඉන්නවලු. මෑතකදි බොහෝම සැර කතාවක් කරල අර්බුදේකට ගිය නෝනා කෙනෙකුත් මේ වැඩේට සැට්වෙලා... මේ මහ ඇමැති... උන්නැහේ තමන්ගෙ ඉදිරි ක්‍රියාදාමයට සහය ගන්න දැන් තානාපති සයිස් මහත්තුරැ හමුවෙන බව ආරංචියි...

තමන්ගෙ ඩයස් පෝරාවට උදව් කරන ඇමෙරිකාවට උඩින් තියන රටක ප්‍රබල තානාපති උන්නැහේ කෙනෙක් තමයිලු මේ පක්ෂ පිහිටුවිල්ල ගැන කතා කරන්න මුලින් මුණගැහුණෙ.

උන්නැහේ එක්ක මහඇමැති තැන තමන් හදන්න යන පක්ෂය ගැනත් ඒකට අදාළ රටෙන් ලැබෙන්න ඕන සහයෝගය ගැනත් කතා කළ බව තතු දත් අය කියනව. කොහොම හරි රට රටවල අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්න ගැන කතා කිරීමට තානාපති උන්නැහේලට අවසර නැහැ. ඒ නිසා මේ හමුව රහසක් ලෙස කියාගන්නැයි තානාපති උන්නැහේ ඉල්ලුව...

ඒත් අනේ කතා කරන්න ගියාම කටට බ්‍රේක් නැති මහ ඇමැති තැන හමුවට පසුවදාම මේ ආරංචිය නොයෙක් දෙනාට කියල මාද්දියත් දැනගෙන ඒ ගැන ප්‍රබලයො ගණනාවක් තානාපති තැනගෙන් ප්‍රශ්න කරල... ඒ ප්‍රශ්නෙන් එයා හොඳටම අප්සෙට්වෙලා දැන් මහ ඇමැති තැනත් එක්ක මාර කේන්තියෙන්ලු ඉන්නෙ...

මේ රටේ ඉන්න ඉතාම ජ්‍යෙෂ්ඨ තානාපති උන්නැහේ කෙනෙක් වෙත මුන්නැහේ මීට පස්සෙ ඔය මහඇමැති තැනට හමුවීම් සඳහා වෙලාවල් ලබාදීමත් වහාම තහනම් කළාලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00