2018 ජුලි 14 වන සෙනසුරාදා

කොක්කට හේතුව

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 572

ඒකාබද්දෙ මුදුන් මුලක් වගේ ඉන්න හිටපු ලොකු තැනටත් තරමක් දුරින් ඥාති සබඳතා තියෙන කොළඹට කිට්ටු දිසාවකින් පත්වුණ මන්තිරි සයිස් මහත්තයෙක් ඉන්නවා...

උන්නැහේ මෙරට ප්‍රබල දේශපාලන වගේම ව්‍යාපාරික පවුලක කෙනෙක් කිව්වොත් වරදක් නැහැ.

ඒකාබද්දෙ ලොකු ලොක්කො ඉදිරි මහපුටු ඡන්දෙට වැඩි පිළිගැනීමක් තියන රාජපක්ෂවරයෙක් ගේන්න ට්‍රයිකරනකොට මේ මන්තිරි තැන ඒකට දිගින් දිගටම කොකුදාන බවට ආරංචියක් ගියා. ඒවගේම මේගැන කොක්කක ඉන්න “වාසු” තුමාටත් වඩා සැරට මේ අපි කියන මන්තිරි තැන තිරය පිටිපස්සෙ සටනක් දෙනවලු.

පසුගිය දවසක උන්නැහේ පස්දුන් කෝරළෙ පැත්තෙ දේශපාලන වේදිකාවකදීත් මේ කොක්ක ඇද්ද, කොළඹදිත් ඇද්ද.

වැඩේ ටිකක් දුර දිග යන නිසාත් මේ කතාකාරය පාටියෙ ජ්‍යෙෂ්ඨයෙක් නිසාත් හිටපු ලොකු තැනගෙ කන්තෝරුවෙ උදවිය මේ ගැන සොයා බැලීමක් කළාලු...

ඒකෙදි හෙළිවුණේ අපූරු තොරතුරක්. ඒ තොරතුරේ හැටියට දෛවය ගැන අනාවැකි කියන එක්තරා ආගමකට සම්බන්ධ ආගමික උපදේශකයෙක් දුන්න උපදෙස් අනුවලු මේ මන්තිරි තැන කොක්ක අදින්නෙ.

උන්නැහෙත් ජ්‍යෙෂ්ඨයෙක් නිසා එයාටත් රටේ මහපුටුවට උරැම හරැමකම් කියන්න පුළුවන් කියලලු උන්නැහේට උපදෙස් ලැබුණේ.

ඒ අනාවැකියෙන් පස්සෙ උන්නැහෙත් හිතන්නෙ තමන් ඔටුන්න හිමි “කුමාර”යෙක් කියලලු

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00