2018 ජුලි 07 වන සෙනසුරාදා

පට්ටම් දෙකක් නිසා කකුල පස්සට

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1033

මෙච්චර කල් අත පාටියෙන් ඉවත් වෙලා 16 දෙනා එක්ක හිටපු වයඹින් පත්වුණ දයාබර ඇමැතිතුමා 16න් ගැලවිලා කියලා ආරංචියි.

උන්නැහේත් එක්ක උඩරටින් ආපු දිසාවකට නායකකම් කරන ජාතික ලැයිස්තු මහත්තයත් ගැලවිලා කියනවා...

එයාලා පොහොට්ටුව එක්ක කොක්කක් ඇදගෙන ආපහු මෛත්‍රී සරණ ගිය බවත් ආරංචියි.

ඒකාබද්දේ සමහරු තමුන්ලා ගැන කරපු සැර කතාබහ නිසා එකමුතුකම කම්මුතු කරන්න සිද්ධ වුණ බව මෙයාලා උන්නැහේලාගේ හිතවතුන්ට දන්නලා..

කොහොමින් කොහොමහරි 16න් ගැලවිලා ආපහු හිටපු තැනට ගිය මේ දෙන්නට අලුතෙන් පුටු දෙකක් ලෑස්ති කරනවා කියලා තතු දත් උදවිය කියනවා...

එක පුටුවක් වයඹ මන්තිරි තැනටලු. ඒක අත පාටියේ මහ ලියන මත්තයාගේ පුටුවලු දැන් එතන ඉන්න. ආචාරිය තුමාට දවස් 45ට දුන්න පත්වීම් කාලේ ඉවර වීගෙනලු යන්නේ...

ඊළඟට සන්ධානේ මහ ලේකම් පුටුව උඩරටින් ආපු දිසාවට නායක උන්නැහේට පිරිනමන බවට තොරතුරු ලැබෙනවා.

මේ පට්ටම් කතා නිකම්ම කැරට් අල නෙවෙයි. හැබෑ වෙන හීන වග 16 දෙනාගේ කණ්ඩායමේ සෙසු ලොක්කෝ තැනින් තැන කියනවලු

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00