2018 ජුලි 07 වන සෙනසුරාදා

පක්ෂ මාරුවකට අර අදිනවලු!

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 876

දේශපාලනයේ අලගිය මුලගිය තැන් හොඳට දන්න ගම්පහ පළාතේ රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා. හිටපු ලොකු නෝනාගෙත් ලොකු ගෝලයෙක් හැටියට හිටපු උන්නැහේ පසුගිය දාක තමන්ගේ ආසනේ පාක්ෂිකභවතුන් මුණගැහුණා...

ඔන්න එතකොටයි එයාට තේරුණේ මෙච්චර කාලයක් තමන් එක්ක හිටපු අයගෙන් සෑහෙන පිරිසක් දැන් පොහොට්ටුවේ සුවඳ බලමින් ඉන්න වග...

ඒ කස්ටිය පොහොට්ටුවට බර වුණාට මේ රාජ්‍ය ඇමැති තැනගේ ඉල්ලීම පරිදි රැස්වීමට ඇවිත් හිටියා. රැස්වීමෙන් එතන හිටපු ජ්‍යොෂ්ඨ පාක්ෂිකයෝ දෙතුන් දෙනෙක් දේශපාලනයේ අලගිය මුලගිය තැන් දන්න උන්නැහේට කිව්වා සර්.. සර්රුත් පොහොට්ටුවට සැට් වෙන්න. එහෙම වුණොත් අපිත් වැඩ කරන්නම් කියලා...

තමන්ගේ හිතවතුන් කිහිපදෙනෙක්ම මේ කතාව කියනකොට මෙච්චර කල් රාජ්‍ය ඇමැති තැනගේ ඔළුව ඇතුළේ හිරකරන් හිටපු දේශපාලන රහසක් එළියට පැන්නලු.

ඒ රහස තමයි උන්නැහේ පක්ෂ මාරුවකට අර අදින කතාව... මෙතෙක් කල් අත පාටියේ අයිතිකාරයෝ වගේ හිටපු එයාලා ආණ්ඩුවේ ඇමැති කෙනෙක්ගේ නායකත්වයෙන් කියන සිංහලයට ලොකු උරුමයක් කියන පක්ෂයකට සැට් වෙන්නලු යන්නේ.. ඒ පක්ෂය අලි පුටු සංධානයේ ලොකු කකුලක් නිසා එයාලට අලි පාටියේන් වුණත් නොමිනේෂන් ඕ.කේ. කියලා රාජ්‍ය ඇමැති තැන කිව්වා...

ඒ නිසා තමන්ටනම් පොහොට්ටුවට එන්න බැහැයි කියමින් රාජ්‍ය ඇමැතිතුමා තමන්ගේ ඉරණමේ සැලසුම් නිකම්ම ප්‍රකාශ කරලා දැම්මා.