2018 ජුලි 07 වන සෙනසුරාදා

පසුපෙළ වලියක්

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 443

අලි පාටියේ කණ්ඩායම් රැස්වීමට ඇමැතිලාගේ සහභාගීත්වය අඩු වෙලාලු. ඒ නිසාම මන්තිරි සයිස් උදවියත් එන්නේ යලට මහට වගේය කියලයි ආරංචි. මේ සතියේ තිබුණ හමුවට ඇවිත් හිටියේ මැති ඇමැතිලා තිස් දෙනෙක් විතරලු.. එයිනුත් ඇමැති මහත්තුරු හිටියේ පස් දෙනයිලු..

මේ නිසා මල පැන්න පසුපෙළ පුංචි මහත්තුරු ලොකු බරබරයක් දාලා පාටියේ ලොකු මහත්තයාට පැමිණිල්ලකුත් කරලා... තමන්ගේ ප්‍රශ්නවලට කණ්ඩායම් හමුවේදී උත්තර දෙන්න ඇමැතිලා එන්නේ නැත්නම් මහ පාරෙදි ප්‍රශ්න විසඳගන්න සිද්ධ වේවි කියලා අනතුරු ඇඟවීමකුත් කළා කියලයි ආරංචි...

මෙහෙම ඇමැතිලා හැසිරෙනවනම් අපිත් මේ රැස්වීම්වලට ඇවිත් මොකටද කිය කිය පසුපෙළ මහත්තුරැ යන්න ගිය බව කියැවෙනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00