2018 ජුනි 30 වන සෙනසුරාදා

රහසෙන් හමුවෙලා

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1084

පොහොට්ටුවෙ බැසිල් පිල නියෝජනෙ කරන ගම්පහ පළාතෙ රණකාමි පවුලක දේශපාලුතුමෙක් පසුගියදා හොර රහසෙන්ම හිටපු ආරස්සක ලේකම් තැන හමුවෙලා සතරකන් මන්ත්‍රණයක යෙදුණු බව ආරංචියි.

මේ සැම සාකච්ඡාවට පාර කැපුවෙ පාටියෙ ඉහළ තැන්වලින්මය කියලයි තොරතුරු දන්න අය කියන්නෙ...

ඉතින් මෙහෙම හිටපු ලේකම්තැන මුණගැහුණු ගම්පහ දේසපාලුතුමා උන්නැහේ පසුගිය දවස්වල කරපු කියපු යම්යම් කතාබහ ගැන තොරතුරු දැන්නුවලු.

ඉදිරි මහපුටු ඡන්ද කතාවක් මෙතෙන්දි ඇදිල ඇවිල්ල එතෙන්දි ගම්පහ රණකාමි දේසපාලුතුමා ඉතාම සුහදව කිව්වෙ තමන්ලා ඉදිරි ඡන්දෙදි හිටපු ලොකුතැන නම් කරන ඕනෑම කෙනකුට සපෝට් එක දෙන්න සූදානම් බවයි... ඒ හින්ද සද්ද බද්දයකින් තොරව මහපුටු ඡන්දෙ එනකම් ඉන්න තීන්දුවක් ගත්ත...

ඊට පස්සේ ගම්පහ ගිය මන්තිරි තැන මේ දවස්වල හිටපු ලේකම් තැනගෙ ගෙදරදි කියවුණු හිට්ලර් කතාව මතක්කරලා ලොකු ප්‍රකාශයක් කළේ ගෝඨට සපෝට් එකටලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00