2018 ජුනි 30 වන සෙනසුරාදා

වෙලාවක් දෙන්නෙ නැතිලු

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 540

සුමාන දෙකතුනකට කලින් රටේ ලොකු මහත්තයගෙන් ලොකු දෝස් මුරයක් වැටුණු කාකිසූට් දෙපාර්තමේන්තුවෙ ලොකු උන්නැහේට පසුගියදා නැවත රටේ ලොකු මහත්තය මුණගැහෙන්න ඕනෑවුණා... ඒ තමන් සතුව තිබෙන වැදගත් ලිපිගොනුවක් භාරදීම සඳහා බවයි කියැවුණේ...

වාර ගණනාවක්ම හමුවීමට අවසර ඉල්ලුවත් මේ දෙපාර්තමේන්තු ලොක්කට ඒකට අවසර ලැබිල නැහැල්ලු... ඒකට අප්සෙට් එකේ හිටපු උන්නැහේට ඒ අතරෙ විදේශ චාරිකාවකුත් සැට් වුණාලු. චාරිකාව ගැන ලොකු මහත්තයට කියන්න ඕන වුණත් ඒකත් හරිගියේ නැහැ කියලයි කියැවුණේ.

ඒ පාර මේ සඳහා වෙනත් ක්‍රමවේදයක් කල්පනා කරපු දෙපාර්තමේන්තු ලොක්ක රටේ ලොකුමහත්තය කොළඹින් පිටට ගුවන්ගත වෙන කොළඹ ගුවන් පථයට ගිහිල්ල උන්නැහේ ගුවන්ගත වෙන්න එන වෙලාවක් බලල නිලධාරියෙක් මාර්ගෙන් තමන්ගෙ ලිපිගොනුව ලොකුමහත්තයට දුන්නලු. ඒත් රටේ ලොකු මහත්තය මෙයාට කිසිම ප්‍රතිචාරයක් දැක්කුවෙ නැති බවයි තතුදත් අය කියන්නෙ.