2018 ජුනි 30 වන සෙනසුරාදා

මහ මොළකරු

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 553

පොහොට්ටුවෙ ඉහළම වගකීමක් දරන ලොක්කෙක් ගැන ඒකාබද්දෙටම ඈතින් සම්බන්ධකම් තියනවායි කියා එක්තරා පිරිසක් පොතක් ලියලලු... මේ පොත හඳුන්වල තිබෙන්නෙ මහ මොළකරු කියන නමින් කියලත් ආරංචියි...

හිටපු ලොකු තැනගෙ පවුලටම සම්බන්ධකම් කියනවය කියන මේ මහ මොළකරු ගැන ලියුවය කියන පොත රහසිගතව ප්‍රකාශයට පත්කරන්න පිරිසක් සූදානමින් සිටිද්දි කොහොමින් කොහොම හරි ඒකෙ කොපියක් මහ මොළකරු අතටම පත්වෙලාලු...

ඒක සෑහෙන කේස් එකක් වෙලා තිරය පිටුපස දේශපාලන සුළං පාරෙ සැර වැඩිවෙලා කියල පේනව...

පසුගිය දවසක අංවලට සම්බන්ධ පාරක් තියෙන පැත්තෙ තිබුණු පොහොට්ටු රැස්වීමකදී මේ පොතේ කතාවට නිමිත්ත වුණාය කියන මහමොළකරු තමන් ගැන රාජගිරිය පැත්තෙ කන්තෝරුවකදී දොස්තර කෙනෙක් අතින් ලියැවුණාය කියන මේ පොත ගැන බොහෝම සැර ප්‍රකාශයක් කළාය කියලත් ආරංචියි... ඒක කරනකොට ඒකාබද්දෙට සම්බන්ධ බලවත් චරිත ගණනාවක්ම එතන ගැවසුණු බවත් ආරංචියි.

කොහොමහරි හිටපු ලොකු තැනලගෙ කස්ටියයි. පොහොට්ටුවෙ ලොකු ලොක්කොයි දැන් මේ වැඩේ කළ අය ගැන සොයමින් ඉන්නවලු.