2018 ජුනි 30 වන සෙනසුරාදා

මහරගමට දුන්න ‍ගේම

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 544

මහරගම නගර සභා බලේ පොහොට්ටුවට ගන්න ඡන්දෙන් දිනාපු බයිසිකලේ කස්ටියක් එක්ක ගිවිසුමක් ගහල වැඩකටයුතු ලෑස්ති කළා. ඔන්න ඒ පාර මෙච්චරකල් බයිසිකල් පැදපු උදවිය හය හත්දෙනෙක් තමන්ගෙ පට්ටම් පොහොට්ටුවෙ කස්ටියට පූජා කරල ගෙදර ගියා...

ඉතින් ඊට පස්සෙ අලුතෙන් පට්ටම ලබාගන්න හිටපු නගර - අධිපතිනී කොඩි - කාර නෝන ටවුමෙ මහ පුටුවට යන්න නැකැත් එහෙමත් බලල සූදානම් වුණා. ඒත් අනේ අන්තිමට එතුමියට ලොකු අකරතැබ්බයක් සිද්ධවෙලා...

ඒක වුණේ බයිසිකලෙන් ඇවිත් දැනට නගරෙ අධිපති පුටුවෙ ඉන්න උන්නැහේ ගහපු දේශපාලන ගේම් එකක් නිසාලු. මේ ගේම ගහන්න උන්නැහේට පළාතෙ ඉන්න ප්‍රබලම පක්ෂ නායකයෙක් උදව් කළා කියල ආරංචියි. ගුණවර්ධනය කරපු - ඒකාබද්දෙ වගේම මහජනතාව එක්සත් කරන පාටියක ලොක්කෙක් වන මුන්නැහේ කළේ මෙහෙන් බයිසිකලේ නැගල හිටිය මහරගම නගරෙ අධිපති තැන තමන්ගෙ පක්ෂයට බඳවා ගැනීම... ඊට පස්සෙ ඉඳන් නගරාධිපති බයිසිකලේ නෙවෙයි. මහජනතාව එක්සත් කරන පෙරමුණේය...

ඉතින් ඔය පෙරමුණ දැනටමත් ඒකාබද්දෙ ලොකුම හවුල්කාරයෙක් නිසා අලුතෙන් පොහොට්ටු නගරාධිපති කෙනෙකුට තිබෙන ඉඩකඩ ඇහිරැණා. ඒකෙන් මේකෙන් ලොකු අබග්ගයක් සිද්ධ වුණේ කොඩිකාර නෝනටලු.