2018 ජුනි 23 වන සෙනසුරාදා

මිණිපුරේ ගෝරි ගොඩයි

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 492

වතුකරයේ දිගා ඇමැතිතුමා එයාගේ මිනිස්ට්‍රියෙන් සබරගමුවේ මැණික් වානක් තියෙන පැත්තේ වත්තක වතුනිවාස ගණනාවක් හැදුවා. මේ නිවාස විවෘතේ තිබුණේ ගිය සුමානේ කියමුකෝ.

තොරණ් බැඳලා බැනර් ගහලා වැඩේ ටිකක් බබළලා විවෘත කරන්නයි පළාතේ දේශපාල කට්ටිය සූදානම් වුණේ. මේකේ මුල්තැන ගත්තේ මිණිපුරේ අලිපාටියේ කැබිනට් සයිස් නෝනා කෙනෙක්. එයාගේ ගෝලබාලයෝ දාලා පළාතම සරසලා විවෘතෙට ලෑස්ති වුණාට මේ විවෘත කිරීම ගැන පළාතේ මන්ත්‍රී තැන නිසි විදිහට දැනුම්වත් කරලා නෑ. අන්තිම මොහොතේ උන්නාසේට ආරාධනා පත්‍රයක් ලැබුණලු. මේ ආරාධනා පත්‍රය දක්කම උඩ ගිහින් බිම වැටුණ මන්ත්‍රීතුමාට සෑහෙන කේන්ති ගියාලු. කේන්තිය පිටම තමන්ගේ ආරාධනා පත්‍රය එවාපු අයටම රිටන් කරලා.

ඒ විතරක් නෙමෙයි මේ වගේ තමුන්ගේ ආසනයේ පිට අයට පිස්සු නටන්න දෙන්නේ නෑ කියලත් ඝෝෂාවක් දාලා. කොහොම හරි විවෘතෙට නියමිත දවසේ ඒකට විරුද්ධව මන්ත්‍රිවරැන්ගේ හිතවත් අය බරට බැන්නලු. එහෙම බැණලා උත්සවයට එන කට්ටිය හරවලා යැව්වලු. දිගා උන්නැහේට වුණෙත් ඒකමයි. සංවිධායක නෝනත් දැනගෙනම ආවේ නැතිලු.

එහෙම කරලා මන්ත්‍රිතැන ඊළඟ සතියේ එයා සංවිධානය කරන චාම් උත්සවයකින් ගෙවල් විවෘත කරන්නයි යන්නේ.

මිණිපුරේ මනාප පොරය බල පොරයක් වුණේ එහෙමලු. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00