2018 ජුනි 22 වන සිකුරාදා

සටනට එනවලු

 2018 ජුනි 22 වන සිකුරාදා, ප.ව. 05:47 463

අතපාටියෙ වගේම ආණ්ඩුවෙත් ලොකු පුටුවෙ ඉන්න මෛත්‍රිතුමාත් 2020 ඡන්ද සටනට එන්න දැඩි තීන්දුවක් අරගෙනය කියලා රජගෙදර පැත්තෙන් ආරංචියි...

ඒ කාරණාව තමන්ගෙ සමීපතම දේශපාලන සගයන්ටත් - නිලධාරීන්ටත් කියල ඒ අයට අවශ්‍ය සැලසුම් හදන්නත් නියම කළ බව ආරංචියි. ඒත් උන්නැහේ නැවත සටනට එන්න යන්නෙ අලිපාටියත් එක්ක ද නැත්ද කියන එක තවමත් පැහැදිලි නැහැ... නමුත් සුළු ජාතීන් ඇතුළු රටේ ශ්‍රී.ල.නි.ප. කණ්ඩායම්වල සහාය ලබාගනිමින් සටනක් දියත් කරන්න සැරසෙන බව තතුදත් අය කියනවා.

ඔවුන්ගෙ ආරංචි මාර්ගවල හැටියට අන්තිම මොහොතේ රටේ ලොකු මහත්තය මේ ගැන අලිපාටිය සමඟත් කතා කරන්න යන බව ආරංචියි. 

උන්නැහේ මෙම සටනට සැරසීම පිණිස දැන් උතුර දකුණ වගේම නැගෙනහිරත් යමින් සිටිනව... මුල්වරට අතපාටියෙ මැයි දිනේ නැගෙනහිර තිබ්බෙත් මෙම දේශපාලන ගමනෙ පියවරක් හැටියටලු

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00