2018 ජුනි 23 වන සෙනසුරාදා

හිරුගෙ දොස්මුරේ

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 480

සුමානෙකට විතර කළින් අලිපාටියෙ මැතිසබා කස්ටියගෙ මීටිමක් තිබුණා... ඒකෙ මුලසුනේ හිටියේ පාටියෙ ලොකු මහත්තයලු.

මීටිම යද්දි කතාබහ වුණේ රටේ ආර්ථික ප්‍රශ්න ගැනයි. ඒ ගැන යම් යම් මැති ඇමැතිල උණුසුම් අදහස් මතුකරද්දි හිටපු මුදල් ඇමැති තැන වර්තමානෙ කෙරන ආර්ථික පාලනේ ගැන ලොකු දෙසුමක් කළාලු... ඒ දේශනේදි දැනට මුදල් හදල් භාරව ඉන්න මැංගිතුමා ගැන ආඩපාලි කියමින් ලොකු දොස් මුරයක් දැම්මා කියලා කියනවා... තමන් ඔය පුටුවෙ ඉන්න කාලෙ රටටත් ජනතාවටත් සෙතක්ම සිද්ධ වූ බව හිටපු ඇමැති “හිරු" කැට කියල කීවලු... දැන් රටේ ආර්ථිකය පල්ලමේ ගමන් කරන බව කියූ “හිරු" තමන්ට රට දැය ගැන දුකයි කියලත් කිව්වලු.

උන්නැහේගෙ මේ සැර කතාව සිද්ධ කරන මොහොතේ සල්ලි භාර “මැංගි* තුමා සභාවෙ හිටියෙ නැහැල්ලු...

සභාවෙ මුලසුනේ හිටපු ලොකු මහත්තයත් ඒ කතාව ගැන මුකුත්ම නොකියා සවන් දීගෙන හිටපු බවයි කියැවෙන්නෙ. වැස්ස වැහැලා ඉවර වුණා වගේ මේ සැර කතාව හමාරවූ ගමන් පසුපෙළ කස්ටිය කුටු කුටු ගාමින් සමහරැ ඒ කතාව හරිය කියවද්දි සමහරු නොකර සද්ද හිටියලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00