2018 ජුනි 09 වන සෙනසුරාදා

කලකිරිලලු!

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 646

පහුගිය දවසක ආණ්ඩුවෙ ඉන්න සුළු පක්ෂ ලොක්කෙක් හිටපු ලොකු තැනගෙ ගෙදර තිබුණ උත්සවේකින් පස්සෙ උන්නැහේ හම්බවෙලා ලොකු කතාවකට වැටුණලු.

ටික වෙලාවක් සුහද පෞද්ගලික කාරණා ගැන කතාබහ කරල දේශපාලනේට වැටුණා. එකපාරටම මේ සුළු පක්ෂ ලොක්ක තමන්ට රජය තුළ තියෙන ගැටලු ගැන කතා කරල ඉන්නෙ සතුටින් නොවන බව කීව බවයි කියැවෙන්නෙ.

දැනට ඇත්තටම රට පාලනේ වෙන්නෙ කොහොමද ඒක කරන්නෙ කවුද කියන ප්‍රශ්නෙත් මතුවෙන බව කැබිනට්ටුවෙත් ඉන්න මේ ජ්‍යෙෂ්ඨය කිව්වලු... හිටපු ලොකු තැනගෙ කාලෙත් ප්‍රශ්න තිබුණ. ඒත් ඒව කියන්න කෙනකුත් හිටිය. දැන් තියෙන ප්‍රශ්න කියන්න කෙනකුත් නැති බවයි උන්නැහේ හිටපු ලොකු තැනට කියල තියෙන්නෙ...

ඔය විදියට සෑහෙන වෙලාවක් හිටපු ලොකු තැනට තමන්ගෙ දුක කියපු මේ සුළු පක්ෂ ලොක්ක ආයෙමත් හමුවෙන බලාපොරොත්තුව ඇතුව එතැනින් පිටත් වුණේ ලොකු ප්‍රතිඥාවකුත් දීලලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00