2018 ජුනි 09 වන සෙනසුරාදා

සුබ පැතුම් එපාලු

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 508

රටේ ආරක්ෂාවට සම්බන්ධ එක්තරා දෙපාර්තමේන්තුවක ප්‍රධානියා තමන් යටතෙ ඉන්න ඈත පළාත් බාර එක්තරා අධිපතිවරයකුට උපන් දිනයට සුබ පැතුමක් යැව්වා.

මේ දෙපාර්තමේන්තු ප්‍රධානියා ආගම දහම ගැන නිතර කතා කරන තමන් යටතේ ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරි කාටත් උපන් දිනේට එස්.එම්.එස් මගින් සුබ පතන කෙනෙක්... ඉතින් ඊයෙ පෙරේදා මේ සුබ පැතුම ලැබූ ප්‍රාදේශීය අධිපතිවරයා පසුගිය කාලෙ ඔය කියන දෙපාර්තමේන්තු ප්‍රධානිය එක්ක හිත හොඳකින් නොවෙයිලු හිටියෙ... ඒකට හේතුව උන්නැහේට දෙන්න තියෙන ප්‍රමෝෂන් එක දෙපාර්තමේන්තු ලොකු තැනගෙ කන්තෝරුවෙ පල්වීමලු.

කෙසේ නමුත් උපන් දිනේ දවසෙ උන්නැහේට ආගමික රැකවරණ පතමින් එවූ සුබ පැතුමට ස්තූති කරන්න ප්‍රාදේශීය ලොක්කත් විශේෂ එස්.එම්.එස්. එකක් යැව්වය කියල ආරංචියි. ඒකෙ තිබුණෙ තමන්ට බුදුසරණ පතමින් එවපු එස්.එම්.එස් එක ප්‍රතික්ෂේප කරමින් යෝධ ප්‍රහාරයක් එල්ල කරපු වචන සැට් එකක්ලු...

මේ ගැන දැනගත්ත ඔය කියන දෙපාර්තමේන්තුවෙ අනෙක් ලොකු ලොක්කො කිව්වෙ උපන් දින සුබ පැතුමක් ප්‍රතික්ෂේප කරමින් යවාපු පළවෙනි එස්.එම්.එස්. එක ඕක වෙන්න ඇති කියලයි...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00