2018 ජුනි 02 වන සෙනසුරාදා

විශ්වාස කෙනෙක් නැතිලු

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 587

පවුලෙ කස්ටියට ආණ්ඩුවෙ ඉහළ පට්ටම් පිරිනැමීම ගැන ලැබුණ තොරතුරු අනුව රටේ ලොකු මහත්තය ආණ්ඩුවෙ ඇමැති සයිස් දෙන්නකුට ලොකු දොස්මුරයක් දැම්ම බව ප්‍රසිද්ධ කතාවක්.

මෙයින් එක් කෙනෙක් අවවාදෙ ලැබුණ ගමන් තමන්ගෙ පුත්‍රයට තමන් විසින් ලබාදුන් සංස්ථා සභාපති පට්ටම ගැලෙව්වා.

ඒත් අනිත් එක්කෙනා තමන්ගෙ අයට දීපු පට්ටම් ගලවලා නැතිලු.

ඇමැති තැනගෙ පවුලෙ සමීප කෙනෙක් එයා යටතෙ තියෙන ආයතන දෙකකම ලොකු පුටුවෙ වාඩිවෙලා ඉන්න බවයි ආරංචි...

අන්තිමේදි ලොකු මහත්තය තමන්ගෙ අවවාදෙ නොපිළිගැනීම සම්බන්ධව ඇමැති තැනගෙන් දුරකතනයෙන් ප්‍රශ්න කළාලු. එතකොට උන්නැහේ කිව්වෙ තමන්ගෙ පවුලෙ අයට ආයතන බාරදුන්නෙ ඒව බාරදෙන්න වෙනත් විශ්වාස කටයුතු කෙනෙක් නැති නිසා කියලලු.

මේ උත්තරේ දුන්න ඇමැති තැන පසුගිය ඡන්ද කාලෙ පවුල් ගස්වලට දැඩි ප්‍රහාර එල්ල කරපු කොළඹ කිට්ටුව දිසාවක ප්‍රකට දේශපාලන පවුලක රණකාමී කෙනෙක්ලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00