2018 මැයි 26 වන සෙනසුරාදා

මැලේ රටේ රුපියල් කාගෙද?

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1002

පසුගියදාක මැලේ රටේ හිටපු ලොක්කගෙ ගෙදර සේප්පුවක තිබිල මිලියන ගණනක ලංකා සල්ලි තොගයක් ඒ රටේ බලධාරීන්ට හම්බවුණාලු...

ඒ පාර ලංකාවෙ රුපියල් මැලේ රටේ ලොක්කගෙ සේප්පුවට ගියේ කොහොමද කියලා ඒ රටේ බලධාරියොයි මේ රටේ දේශපාලන අංශවල ලොක්කොයි සොයන්න බලන්න පටන් ගත්ත බවත් ආරංචියි. මෙහෙම සෙවුම් බැලුම් කළ අයට දැනගන්න ලැබුණෙ ඒ සල්ලි තොගය උන්නැහේට ආවෙ එංගලන්තෙ පැත්තෙන් කියලලු...

එංගලන්තෙ පැත්තෙ ලොකුම ලොකු මොබයිල් ෆෝන් සමාගමක් කරන ලංකාවෙ පොරකගෙන් මුදල් ලැබුණ බවයි ඒ ආරංචි මාර්ග වැඩිදුරටත් කිව්වෙ...

එයා මැලේ රට එක්ක කරපු ආයෝජන ගණනාවක් තියෙනවලු... ඒව වෙනුවෙන් මැලේ රටේ ලොකු ලොක්කො ගණනාවකට සන්තෝසම් ලැබුණය කියන ආරංචිය ගැනත් සමහරැ තොරතුරු දන්නවලු...

ඉතින් මේ හුටපට මධ්‍යයේ මැලේ රටේ හිටපු ලොක්කගෙ සේප්පුවට ලංකාවෙ රැපියල් තොගයක් වැටෙන්න ඇති කියල මැලේ රට පැත්තෙ කතාවක් පැතිරෙනවා...