2018 මැයි 26 වන සෙනසුරාදා

ඡන්දෙට කලින් මහ ඇමැති සටන

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 574

පළාත් බබා ඡන්දෙ එන්නත් කලින් මහ ඇමැතිකම්වලට සටන් පටන් අරන්ලු. දැන් ටික ටික උණුසුම් වේගෙන එන්නෙ සබරගමුවෙ පළාත් මහ ඇමැති පුටුවට තියෙන සටන බවයි පේන්නෙ.

මේ සටන පටන් අරගෙන ඇත්තෙ පොහොට්ටුව කණ්ඩායමේලු. හැමදාම කෑගල්ලට ගිය මහ ඇමැති පුටුව මේ පාර මිණිපුරේට ඕනය කියල මිණිපුරේ කස්ටිය හිටපු ලොකු තැනට ඉල්ලීමක් ඉදිරිපත් කරලා...

ඊළඟට මිණිපුරේට මහ ඇමැති පට්ටම ලැබෙනව නම් මහ ඇමැති කවුද කියලයි ඊළඟ හුටපටේ ඇතිවෙමින් යන්නෙ...

මේ තනතුරට මුල ඉඳලම ඉව අල්ලගෙන හිටියෙ පවිත්‍ර නෝනගෙ මහත්තයලු. ඒත් පසුගියදා රත්නපුරේ නගර සභාව තෝරද්දි ඒගොල්ලො අලි පාටියත් එක්ක ගිවිසුමකට ගියාට අනිත් මන්තිරිල මිණිපුරේ නෝනත් එක්ක ලොකු ගෝරියක පැටලිලා. ඒ අල්ල පනල්ලෙ ආණ්ඩුවෙන් විපක්ෂයට ආපු ජෝන්තුමා ඊළඟ පාර මහ ඇමැති සටනට ගේන්න මේ මන්තිරි පිරිසෙන් කස්ටියක් සැරසෙනවලු... ඒකට නෝනලයි කස්ටිය මාර ගෝරිලු...

ඒ අස්සෙ මෙච්චර කල් හිටපු මහ ඇමැතිකම් කළ කෑගල්ලේ මහී තවත් වරක් තමන්ට මේ පුටුව දෙන්න කියල හිටපු ලොකු තැනට ආයාචනා කරමින් යනව කියලත් ආරංචියි...

මේ ජරමර නිසා මිණිපුරේ පැත්තෙ පළාත් ඡන්දෙ එන්නත් කලින් මහ ඇමැති සටන පටන් අරන් වැඩේ අල හොද්දක් වේගෙන එන බවයි ආරංචි.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00