2018 මැයි 26 වන සෙනසුරාදා

නිවැරදි කිරිල්ල

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 511

ආණ්ඩුවෙ ඇමැති භවතෙක් මහ පිරිසක් එක්ක ලෝක සම්මේලනේකට යන්න හැදුවම රටේ ලොකු මහත්තය මේ නියෝජිත පිරිසෙන් කොටසකගෙ නම් කපල ටික දෙනකුට අවසර දුන්නා...

මේ කතාව මාධ්‍යවලත් මහ ලොකුවට ප්‍රචාරය වුණ එකක්... පුවත පළවෙනකොට ඇමැති තැනයි උන්නැහේගෙ නෝන මහත්තයයි හිටියෙ පිටරට ගිහිල්ලා....

පුවත ගැන ආරංචිය මාධ්‍යයෙ ගිය බව දැනගත්තම ඇමැතිතුමාටත් වඩා කලබල වුණේ උන්නැහේගෙ නෝන මහත්තය. එයා වහාම ලංකාවෙ ඉන්න රාජ්‍ය මට්ටමේ ඇමැති තැනට කතා කරල නියම කළා වහාම මේ පුවත නිවැරදි කරන්න කියලා... ඒ පාර උන්නැහේ ඒක අමාත්‍යංසෙ නිලධාරීන්ට දැන්නුවා...

ඊළඟට පුවත ගැන කරුණු පැහැදිලි කෙරෙන නිවේදනේ සකස් කළා... ඒක අමාත්‍යංශ ලේකම් උන්නැහේගෙ අස්සනින් යවන්නයි නියෝග ලැබුණෙ.

ඔන්න ඒ පාර නිවැරදි කිරීමේ නිවේදනේ ලේකම් තැනගෙ අස්සනට ගෙනිච්චම උන්නැහේ ඒක බලල අනේ මම කොහොමද මේකට අත්සන් කරන්නෙ කතාව හරිනෙ කියල අත්සන් ගැහීම ප්‍රතික්ෂේප කළාලු. උන්නැහේ එහෙම කරන්න හේතුව මේ නම් කැපිල්ල ගැන ඉහළින් නියෝගය ලැබුණෙ එයාට නිසා බවයි තතු දත් ආරංචි මාර්ග කියන්නෙ...

අනේ ලේකම් තැන අස්සන් ගැහීමට බෑ කිව්ව නිසා රාජ්‍ය ඇමැති තැනයි නිලධාරියි හොඳටම අප්සෙට් වුණාලු. මේ ජරමර නිසා නිවැරදි කිරීම සිද්ධ කළේ ඒ අමාත්‍යංශෙ මාධ්‍ය නිලධාරි උන්නැහේ නමින්ලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00