2017 ජනවාරි 21 වන සෙනසුරාදා

අලුත් පට්ටම්

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 357

අලි පාටියට උපනායක සයිස් මහත්තුරු හතර දෙනෙක් ළඟදි පත් වෙන්න යනව කියල පොඩි ආරංචියක් යනව...

ඉදිරි ඡන්ද ජයග්‍රහණය සඳහා ජන පදනම ශක්තිමත් කරගන්න ඕන නිසා අගනුවරට වඩා පිට පළාත් නියෝජනය කරන අයගෙන් මේ උපනායකගෙ හතර දෙනා තෝරගෙන ඉන්නව කියල තතුදත් අය කියනවා.

දැනට සභාවෙ නායක පට්ටම දරන උඩරට මහත්තය. ඊළඟට දකුණෙන් ආපු මංගලතුමා... පක්ෂයෙ ඉන්න ඌව පළාතෙ ජ්‍යෙෂ්ඨය වන බණ්ඩාර උන්නැහේ... විතරක් නෙවෙයි අපේ මාර්ෂල් තුමාටත් මේ විදියට උප නායක වාසනාව ලැබෙන්නලු යන්නෙ...

ඒ අස්සෙ සිරිකොතෙන් ලොකු වැඩ කොටසක් අකිල තුමාට පැවරෙනවලු... සමහර අය නම් කියන්නෙ උන්නැහේට ලොකුම ලේකම් පට්ටමකට වුණත් වාසනාව තියන බවයි.

කොහොමින් කොහොම හරි ලබන මාසෙ දිහාට මේ අලුත් පට්ටම්වලට තෝරාගත් කස්ටිය නම් ප්‍රසිද්ධ කරන්නලු යන්නෙ...