2017 ජනවාරි 21 වන සෙනසුරාදා

තනතුර සහ පුටුව

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 308

රටේ දෙවැනි මහත්තය පසුගියදාක ආරක්ෂාව භාර දෙපාර්තමේන්තුවක ජ්‍යෙෂ්ඨයො කැඳවල තමන්ගෙ නිල මැඳුරෙ වැදගත් රැස්වීමක් තිබ්බ. 

දෙවැනි ඇමැතිතුමයි විෂය භාර ඇමැතිතුමයි දෙන්න සහභාගි වුණ මීටිමේදි පවතින රාජකාරී කටයුතු හරියට කරගන්න හැටි ගැන නොයෙක් උපදෙස් දුන්නා... එහෙම කතාබහ කරල දෙවැනි මහත්තයයි විෂයභාර ඇමැතිතුමයි නැගිටලා යන්න ගියා කියමුකො.

අරලිය මන්දිරේ මේ රැස්වීම තිබුණෙ ඇමැති හමු තියන කාමරේ... කැබිනට් කස්ටිය අසුන්ගන්න මේසෙ වටේ තමයි ඔය දෙපාර්තමේන්තු ලොක්කො අසුන්ගෙන හිටියෙ. කොහොමහරි මීටිම ඉවරවෙලා දෙවැනි මහත්තයයි ඇමැති මහත්තයයි ගියාම උන්නැහේලා අසුන්ගත්ත පුටු දෙක හිස් වුණා. ඊළඟට මෙතන පොඩි නාට්‍යයක් වුණාලු..

රැස්වීමට ඇවිත් හිටපු ආරක්ෂාව භාර දෙපාර්තමේන්තුවෙ ලොකු තැන නැගිට ඇවිල්ල අගමැතිතුමා එකෙන් වෙලා අසුන්ගෙන හිටපු පුටුවෙ අසුන් ගත්ත ඊළඟට උන්නැහේ ඒකෙ වාඩිවෙලා ඉඳන් පැය දෙකක විතර මීටිමක් තිබ්බලු...

සාමාන්‍යයෙන් රටේ ලොකු මහත්තය දෙවැනි මහත්තය අසුන් ගන්න ආසනවල මේ විදියට කවදාවත් දෙපාර්තමේන්තු ලොක්කෙක් අසුන් අරන් නැහැ. ඉතින් එහෙම කළේ ඇයිද කියල දන්නෙ ඒක කරපු කෙනාම පමණයි.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00