2018 මැයි 12 වන සෙනසුරාදා

විස්ස හතට බැහැලලු!

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 496

අලි පාටියෙ පසුපෙළ රැඩිකල් උදවිය 20 ක් ඉන්නව කියල පසුගිය දවස්වල එක කතාවයි... පක්ෂ ප්‍රතිසංවිධානය ගැන වේගෙන් වැඩ කරන්න එතකොට පක්ෂයේ ලොකුම පුටුව වෙනස් කරවන්න වගේ මහ වැඩ ගැන තමයි මේ අයගෙන් සමහරු කතා කළේ.

ඒත් ඉතින් මෙයාලගෙ ඝෝෂාවට ඉහළින් ඒ හැටි උණුසුම් පිළිගැනීමක් ලැබුණෙ නැහැ වගෙයි පේන්නෙ... ඒ අල්ල පනල්ලෙ විසිදෙනෙක් ඉන්නවය කිව්වට ලාහෙන් හොරෙන් හොරෙන් ගෙම්බො එළියට පනින්න පටන් අරන් කියලා කියැවෙනවා. කොහොමින් කොහොමහරි මේ අයගෙම ආරංචිවල හැටියට 20 දෙනෙක් හිටපු තැන දැන් ඉන්නෙ 7 දෙනාලු... ඒ හත්දෙනා අතරෙ මන්තිරි නෝනල තුන්දෙනකුත් මන්තිරි මහත්තුරු හතරදෙනකුත් ඉන්නවලු.

හැබැයි ඔයගොල්ලන්ගෙ මතයට තිරය පිටුපස ඉඳන් තල්ලුවක් දෙන ජ්‍යෙෂ්ඨයො කස්ටියකුත් ඉන්න බව කියනවා.

එයාල බලන් ඉන්නෙ ජනපති ඡන්දෙට දින දානකම්ලු. එදාට එයාල අලුත් සටනක් දෙන බවට කසුකුසු ගානවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00