2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

පිම්මකට අරඅදින ලොකු ඇමැති

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 423

ළඟදි මැතිවරණය එන්න නියමිත පළාත් ආණ්ඩුවක ඉන්න මහ ඇමැති කෙනෙක් පොහොට්ටුවට බැලුම් හෙලනවා කියලා ආරංචියි...

පසුගිය කාලෙ පොහොට්ටුවයි අතයි සමගි කරන්න කතා කරපු මේ මහ ඇමැති තැන වැඩේ කචල් කළේ පක්ෂයෙ ලොකු නිලයක් දරන කෙනෙක් කියලා මැසිවිලි කියනවලු...

ඒ අස්සෙ සමගියට කතා කිරීම නිසා මුලින් කියපු පක්ෂ බලවතා මහ ඇමැතිට පොඩි පොඩි කොකු දාන්නත් පටන් අරන් කියලා ආරංචියි.

ඒ හින්ද තමන් ඉන්න පළාතට ඉසුරු මත් අනාගතයක් උදාකරන්න උන්නැහෙත් සබරගමු මහ ඇමැති ගිය පාරෙම යන්නලු හදන්නෙ...

ඒකට සකස් කරපු පිඹුරුපතට පොහොට්ටුවට නායකකම් කරන හිටපු ලොකු තැනගෙත් අකමැත්තක් නැහැ කියලා කියැවෙනවා.