2018 මාර්තු 31 වන සෙනසුරාදා

ආණ්ඩුකාරකම් ඕනැලු

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1171

පසුගිය දවස්වල රටේ ලොකු මහත්තයට ලොකු කරදරයක් තිබුණ කියලා ආරංචියි... පසුගිය ඡන්දෙ කාලෙ උන්නැහේගෙ දේශපාලන වේදිකාවට නැග්ග දෙතුන් දෙනෙක්ගෙන්ලු. මේ කරදරේ සිද්ධ වුණේ....

උන්නැහේල මේ පාර ලොකු මහත්තයගෙ ජපාන චාරිකාවටත් දායක වුණා. එයාල ඡන්ද කාලෙ ආණ්ඩුව වෙනුවෙන් කරපු සේවාව සලකා පළාත් ආණ්ඩුකාරකමක් දෙන්න කියන එකයි කරපු ඉල්ලීම.

අවුරුදු තුනකට පත්කරපු පළාත් ආණ්ඩුකාර තනතුරැවල කාලෙ ඉවර වෙන්න තියෙන්නෙ මේ මාසෙට නිසාලු කල්යල් බලල මේ ඉල්ලීම කළේ.

විමල් සහෝදරය ළඟ ඉඳලා අත පාටියට ආපු කෙනෙකුගෙනුත් වෙනත් පක්ෂයකින් ආපු කෙනෙකුගෙනුත්ලු ලොකුම කරදරේ තිබුණෙ. ඒ සිරිල මේ සිරිල ඔය පට්ටම ඉල්ලල කනු කුනු ගානකොට ලොකු මහත්තය හිටපු ආණ්ඩුකාරවරුම ස්ථාන මාරැකරල අලුත් පත්වීම් දුන්නලු.

ඒකෙන් ඡන්දෙට කඩේ ගිය අයට දොරවැහුනලු.... එයාල කඩේ ගියාට ඡන්දෙ දිනාගන්නත් බැරිවුණ නිසා එයාලගෙ ඉල්ලීම හමස් පෙට්ටියට වැටුණ බවයි ආරංචි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00