2018 මාර්තු 31 වන සෙනසුරාදා

විශ්වාසභංගෙට පෙර හෘද සැත්කමක්

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 688

විශ්වාසභංග ඝෝෂාව මැද්දෙ විපක්ෂයට නායකකම් කරන මහත්තයා හදිස්සියෙම දිල්ලියට ඉගිල්ලුණා. සාමාන්‍යයෙන් මේ රටේ උණුසුම් ප්‍රශ්න මතුවුණාම උතුරෙ ලොක්කො දිල්ලියට වන්දනාවෙ යනවා...

ඒත් මේ පාර මුන්නැහේ දිල්ලි ගියේ වෛද්‍ය ප්‍රතිකාර පිණිස කියලයි කියැවෙන්නෙ... ආරංචි විදියට කරන්න යන්නෙ හෘද සැත්කමක්ලු. ඒක ටිකක් කල්යල් යන වැඩක් බවත් කියවෙනවා....

කොහොම නමුත් උන්නැහේ ගිය සුමානෙ අලි පාටියෙ ලොකු මහත්තුරු එක්ක විශ්වාසභංගෙ ගැන සය කන් මන්ත්‍රණේක යෙදුණු බව ආරංචියි.

ඒකෙදි තමන්ගෙ පක්ෂයෙන් විශ්වාසභංගෙදි උදව් නොකරන හතර පස් දෙනෙක්ගෙ නම් ගම් හෙළිදරව් කළ බවත් සඳහන්....

කොහොම නමුත් උන්නැහේ ඉන්දියාවට යද්දි තවත් මන්තිරි භවතෙක් ස්විස් රටට ගියාලු....

පක්ෂය තුළ තිබෙන හැලහැප්පිලි නිසා මේ වැඩේදි නායකත්වයේ අණට අකීකරැ කස්ටිය මේච්චල් කරගන්න අමාරැ නිසා බලවත් අය විදේශගත වෙන බව තවත් සමහරු කියනව.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00