2018 මාර්තු 31 වන සෙනසුරාදා

ගැමුණුට අප්සෙට්

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1132

දකුණෙ ගැමුණුතුමාගෙ පුත්‍රයා පසුගියදාක ඉරාන තරුණියක් එක්ක විවාහ වුණා.... මංගල්ලෙ තිබුණෙ ගල්කිස්සෙ මහ හෝටලේ.... ගැමුණුතුමා මේ උත්සවේට දියවන්නාවෙ තමන් එක්ක හිටපු පිරිසකට ආරාධනා කළා.

අලිපාටියෙ ලොකු මහත්තය වගේම ඒ පැත්තෙ තවත් මැති ඇමැති ගණනාවක්ම උත්සවේට ආවා.... අත පාටියෙන් ආරාධනා කරල තිබුණේ රැහුණෙන් ආපු අමරවීර උන්නැහේටලු.... ඒත් උන්නැහේ නම් පේන්න හිටියෙ නැහැ....

ප්‍රශ්නෙ වුණේ එක නෙවෙයි. ගැමුණුතුමා මේ උත්සවේට විශේෂයෙන්ම ආරාධනා කරපු හිටපු ලොකු මහත්තයගෙ නොපැමිණීමයි.... උන්නැහේ මංගල්ලෙට එන බව ගැමුණුට පොරොන්දු වෙලා හිටිය. උත්සවේ දවසෙ උදේ එතුමගෙ ආරක්ෂක භටයොත් හෝටලේට ඇවිත් ආරක්ෂාව ගැන සොයලා බැලුවා.

ඒත් එකපාරටම හදිසි රෝගී තත්ත්වයක් ඇතිවුණාය කියලා උන්නැහේ ආවෙ නැහැ. විශ්වාසභංගෙ කාලෙ අලිපාටියෙ උදවියත් එක්ක එක මඟුල් මේසෙක ඉන්න එක පාඩු නිසා ආවෙ නැති බවට සමහරු අර්ථකථන දීලත් තිබ්බා....

කොහොමින් කොහොමහරි එදා මංගල්ලෙන් පස්සෙ හිටපු ලොකු තැන ගැමුණුට කතා කරන්න දුරකතන ඇමතුම් අටක් දුන්නා... ඒත් අප්සෙට් එකේ හිටපු ගැමුණුතුමා ටෙලිෆෝන් එකට ආවෙ නැතිලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00