2018 මාර්තු 17 වන සෙනසුරාදා

අස්සන් එකතුව පටන් අරන්ලු

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 525

ඔන්න ආයෙමත් විශ්වාසභංග කතාව පත්තුවෙලා... ඒකාබද්දෙ කස්ටිය පසුගිය කාලෙ වැඩේ අතපසු කළේ රටේ ලොකු මහත්තයත් එක්ක ඉන්න අත පාටියෙ උදවියගෙ අස්සන් නැතුව මේක කරල වැඩක් නැත කියන තර්කෙ උඩයි...

අන්තිමේදි අත පාටියෙ දේශපාලන කපුවොයි ඒකාබද්දෙ දේශපාලන කපුවොයි කතා කරලා එක මතේකට ආවලු... ඊටපස්සෙ ඔන්න විශ්වාසභංගෙ අත්සන් කරන්න පටන් ගත්තා. ඒත් ඒකට ඒකාබද්දෙ ගම්පහ පැත්තෙ කෙනකුයි අත පාටියෙ තුන්දෙනකුයි බැහැ කියමින් හිටියලු...

ඒකාබද්දෙ ඉන්න බලවත් ගම්පහ සගයට අනෙක් මන්තිරිගොල්ල තදින් කරැණු කිව්වම එයාත් අන්තිමට අස්සන දැම්ම කියල ආරංචියි... ඊළඟට අත පාටියෙ විරෝධතාකරැවො තුන්දෙනාගෙන් රජරට පැත්තෙ එක්කෙනෙක් ඇරෙන්න අනෙක් උදවියගෙ අස්සන් ලැබෙන බවට ඒකාබද්දෙට අත පාටියෙන් ලොකු සහතිකයක් ලැබිල... ඊටපස්සෙ මේක අනෙක් පාටිවලටත් දෙන්නලු යන්නෙ...

වැඩේ පත්තුවෙන බව දැනගත් ආණ්ඩුවෙ පාර්ශ්ව ගණනක උදවිය දැන් තැන්තැන්වල කටුකුටුගාන්න පටන් අරන් කියනව. කොහොමහරි ඉදිරි සුමානෙ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් බවයි අත්සන් ගැනිල්ල බාරව ඉන්න මිණිපුරේ සොයිස උන්නැහේ කියන්නෙ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00