2018 මාර්තු 17 වන සෙනසුරාදා

කවුරු කිව්වත් ඒක එහෙමයි

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 565

පසුගිය සුමානෙ කොළඹ නිදහස් පිටියෙ දරණාගම නායක හාමුදුරුවන්ගෙ ආදාහනේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිද්ධවුණා. මේ සඳහා චිතකය ඉදිකරන්න මුලින්ම නියමවුණේ නිදහස් පිටියෙ එක්තරා ඉසව්වක... ඔන්න ඉතින් ඒක කරන උදවිය ඇවිත් වැඩේ පටන් ගන්න යනකොට කොළඹ ඉන්න ආණ්ඩුවෙ කාකිසූට් නිලමෙ කෙනෙක් ඇවිත් ඔතන ඔය වැඩේට ඉඩදෙන්න බැහැ කියලා කිව්වලු.

මේ නියෝගය නිසා අපහසුවට පත්වුණ සංවිධායක මණ්ඩලේ ඉන්න හිටපු යුද හමුදාපති සයිස් ලොකු මහත්තයෙක් ඒ ගැන කතා කළාම පොලිසියෙ ලොක්ක එයාටත් බැහැ කිව්වලු... ඊළඟට අර හමුදා ප්‍රධානියා මේක රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන උත්සවයක් නිසා අගනුවර ජ්‍යෙෂ්ඨම පොලිස් ලොක්කට කතා කරල මේ ගැන පැමිණිල්ලක් කළා...

ඊළඟට ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරිය අදාළ නිලධාරියට කතා කරලා ඇයි මෙහෙම කරන්නෙ මේක රජය කරන වැඩක් ඒකට ඉඩදෙන්න කියලා කීවලු... ඒත් අර පළාතෙ පොලිස් ලොක්කා කවුරැ කිව්වත් තමන් ගත් තීන්දුව වෙනස් නොකරන බව තරයේම කියලා. අන්තිමට මේ බලවත් කනිෂ්ඨ නිලධාරියගෙ තීන්දුව අනුවලු වැඩේ සිද්ධවුණේ... මහ ආණ්ඩුවෙ තීන්දුවක් වුණත් නවන්න පුළුවන් අය ඉන්න බව පේනවා නේද?